spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ පාසැල් දරුවන් අපහරණයට ලක් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

Must read

wen police 10wenn police 12නයිනමඩම සාන්ත මරියා ප්‍රාථමික විදුහලේ දරු දැරියන්ට අසභ්‍යවදන් පවසමින් රහසඟ පෙන්වමින් දරුවන්ව ස්පර්ෂ කිරිමට උත්සහා කරමින් අපහරණය කල පුද්ගලයෙක්ව අද 20 උදැසන දෙමාපියන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ගලයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකි දින ගණනාවක සිට නාදුනන පුද්ගලයෙක් විදුහල් භුමියට හොර රහසේ ඇතුල් වි විදුහලේ දරුවන්ව අතපත ගා රහසඟ පෙන්වමින් පාලායාම සම්බන්ධයෙන් විදුහල්පතිනිය විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවද පොලිසිය කීය මේ තත්වය මත දෙමාපියන් පිරිසක් විසින් විදුහල් භූමිය වටා අරක්ෂාවට සිටියදි අද 20 උදැසන 9 ට පමණ විදුහල් තාප්පයෙන් පැන විදුහල් භුමියට ඇතුල් වීමට උත්සහ දැරු මෙම පුද්ගලයාව අල්ලා පොලිසියට බාර දි ඇත සැකකරු අත් අඩංගුවට පත්වීමත් සමග එම විදුහලේ දෙමාපියන් ගම්වාසින් එම ස්ථානයට එක් රැස්වීමත් සමග දැඩි නොසන්සුන්තාවයක් ඇති වු අතර දෙමාපියන්ගේ දැඩි පරිභවයට මෙම පුද්ගලයා පත්වෙනු දක්නට ලැබිණ පොලිසියේ මැදිහත්වීම මත තත්වය පාලනය කෙරුණු නමුත් මෙම පුද්ගලයාට පුංචි මල් කැකුළු වගේ ඉන්න තම දරුවන්ව විනාශ කිරිමට උත්සහා දැරු මේ පුද්ගලයාට නීතියෙන් සාධාරණ දඬුවමක් ලබා දිය යුතු බව එම දෙමාපියන් ඉල්ලා සිටියේය
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article