spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොදැන කල වරදින් දුක් විදිනා දිල්හාන්ගේ දුක් බර කථාව…

Must read

ඩිල්ෂාන්ඩිල්ෂාන් 3ඩිල්ෂාන් 2වීදුහල්පතිවරයා විසින් කරන ලද අවවාදයකින් පසුව ඇති වූ මානසික පීඩනය හේතුවෙන් වස පානය කිරීමෙන් පසුව දැනට තමාගේ කිසිදු කටයුත්තක් කර ගැනීමට නොහැකිව ඔත්පල වී සිටින පල්ලියපිටිය ගම්මානයේ වෙසෙන රංගන දිල්හාන් ආනන්ද තරුණයාගේ දුක්බර කතාවයි මේ.
මෙම අවාසනාවන්ත සිදුවීම ’අවවාදයකින් පසු සිසුවකු වස බීලා: විදුහල්පතිට එරෙහිව උද්ඝොෂණ යන මැයෙන් 2001මාර්තු මස 21 වන දින ලංකාදීප පුවත්පතෙහිද පලකර තිබුණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ දිල්හාන්ගේ පියාද 2004 වර්ෂයේ තම රැකියා ස්ථානයේ සිදුවූ හදිසි අනතුරකින් මිය ගොස් ඇත. තම වැඩි මහල් සොයුරාද ආරවුලකට මැදිහත්
වී ඇතිවූ පහර දීමක් නිසා මිය ගොස් ඇත. එදා සිට එදිනෙදා කුලී වැඩක් කර තම දරුවා රකින දිල්හාන්ගේ මවද මේ වන විට විවිධ රෝගාබාද වලින් පෙලෙමින් සිටී. අසල් වාසීන්ගෙන් ලැඛෙන උදව් උපකාරවලින් ජීවිතය ගැට ගසා ගන්නා මට්ටමට මෙම පත්ව ඇති මෙම පවුල ඔබගෙන් අහිංසක ඉල්ලීමක් කර සිටී.

නිවසට මීටර් 40 ක් පමණ දුරින් පිහිටි පෝච්චි වැසිකිලිය වෙත මෙම තරුණයාව වත්තම් කරගෙන යෑමේ ප්‍රධානතම ගැටˆවට මුහුණ දී තිඛෙන මෙම මව (මෙම වැසිකිලියේ දිලිහාන්ට ඉද ගැනීමටද නොහැකි බව මව පවසයි) පාඨකසැමගෙන් ඉල්ලා සිටින්නේ නිවස අසලින් කොමඩ් එකක් සහිත වැසිකිලියක් තනා දීමට උපකාර කරන ලෙසයි
දිල්හාන් නැගී සිටීමට උත්සහ කරන ස්ථානය

මෙවැනි වැසිකිලියක් අවම පහසුකම් යටතේ තැනීමට අවම වශයෙන් රු.50000.00 ක පමණ මුදලක් වැයවේ. මෙම උතුම් සත්කාරයට දායක වීමට කැමති පින්වත් තැනැත්තෙකු, අයතනයක් හෝ සංවිධානයක් ඇත්නම් මරඳගහමුල සම්පත් බැංකුවේ පිහිටි ඉතිරී කිරීමේ ගිණුම් අංක 118354863608 ට තම ආධාර මුදල් බැර කල හැක. වැඩි විස්තර දුරකථන අංක 071-6337467/031-2247400 ට ඇමතීමෙන් ලබා ගත හැක.

උපුල් ඉන්ද්‍රජිත්-පල්ලියපිටිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article