spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ පාසැල් දැරියන් දෙදෙනෙක් අතුරුදහන් ???

Must read

posters 1ඉකුත් සඳුදා (6) දා සිට වෙන්නප්පුව තඹරවිල ප්‍රදේශයේ බාලවයස්කාර 14 හැවිරිදි පාසැල් දැරියන් දෙදෙනෙක් නිවසින් අතුරුදහන් වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි
මෙලෙස නිවසින් අතුරුදහන්ව ඇත්තේ තඹරවිල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන එකම පවුලේ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකි.
ඉකුත් සඳුදා පාසැල් යමට නිළ ඇඳුමින් සැරසි නිවසින් ගොස් ඇති මෙම දැරියන් ඔවුන්ගේ යෙහෙළියකගෙ නිවසට ගොස් එම යෙහෙළියගෙන් වෙනත් ඇඳුමක් ඉල්ලාගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබි ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය කීය.
මෙම දරියන් පාසැලට නොපැමිණ වෙනත් මාර්ගයක ගමන් කරමින් සිටිනු දැක ඇති එම පාසැලේම දරුවෙක් විදුහල්පති තුමාට දැනුම් දීම මත ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමට අවස්ථාවක් නොතිබීම තුල ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම දැරියන් සොයා පරික්ෂණ සිදු කරන බව පොලිසිය කීය.
මෙම දැරියන්ගේ මවගෙන්ද ප්‍රකාශයක් අරගත් බව පවසන පොලිසිය මෙම දැරියන් යම් අපහරණයකට ලක්වි ඇති බවට සැකයක් පවතින බවත් ඒ අනුව ලැබෙන විවිධ තොරතුරු ඔස්සෙ පරික්ෂණ අරම්භ කර ඇතැයි පොලිසිය පැවසීය වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා මධුභාශිණි ඇතුලු නිළධාරින් මෙම දැරියන් සොයා පරික්ෂණ සිදු කරයි
.
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article