spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ හා දංකොටුවේ නීති විරෝධී දඩමස්

Must read

13221056_1177709112271820_8215517680386363724_n

 

 

 

 

 

 

 

 

 

 

 

වෙන්නප්පුව හා දංකොටුව පොලිස් බල ප්‍රදේශයන්හි චයිනිස් ආපන ශාලා හා බොහෝ හෝටල්වල නීති විරෝධි දඩමස් විකිණෙමින් පවතින බව පරිසර හා සත්ව අරක්ෂණ සංවිධාන විසින් පෙන්වා දෙයි දිනෙන් දිනම මෙම තත්වය වර්ධනය වෙමින් පවතින බවත් ගෝන මස් හා වල් ඌරුමස් නිතරම බොහෝ හෝටල් වල සකසා දෙන බවත් අහිංසක පක්ෂි විශේශයන්ද ආහාරයට සකසා දෙන හෝටල් මෙම ප්‍රදේශයේ පවතින බව එම සංවිධාන පවසයි මෙම නීතිවිරෝධි කටයුත්ත නවතාලීමට පියවර ගන්නා ලෙසත් අහිංසක සතුන්ගේ ජීවත් විමේ අයිතිය නොමිනිසුන්ගේ අතට පත් විමට ඉඩ නොදි මෙම ජාවාරම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ නීතිය රකින ආයතන වලින් හා වනජිවි දේපාර්තමේන්තු නිළධාරින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පැවසීය පුත්තලම් දිස්ත්‍රික්කයේ තිබෙන වනාන්තර හා වියලි කලාපයන් හි වෙසෙන සතුන් මෙලෙස බිලිවන බවත් එම ප්‍රදේශවල සිටින දඩයක්කරුවන් ආපන ශාලා හා හෝටල් හිමියන් අතර තිබෙන සබඳතාවන් හා අතරමැදියන් අතර මෙම ජාවාරම සිදුවන බවට තොරතුරු ලැබි ඇති බව ඔවුන් පවසයි මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව හා දංකොටුව බාර සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතාගෙන් විමසීමේදි පවසුවේ එම දඩ මස් විකිණීම හා ලඟ තබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධි කටයුත්තක් මේ සම්බන්ධයෙන් කාට හෝ නීර්ණාමිකව හෝ නාමිකව නිවැරදි තොරතුරක් දෙන්න පුලුවන්නම් අපි ලැස්ති වැටලීම් කරන්න අපේ වෙන්නප්පුව හෝ දංකොටුව පොලිස් ස්ථානවලට හෝ අපේ සහකාර පොලිස් අදිකාරි කාර්යාලයට දැනුම් දෙන්න එහෙම මස් ජවාරම් කරන හා අලෙවි කරන ස්ථාන පිළිබඳව අපි තරාතිරම නොබල එය වැලැක්වීමට නීතිය ක්‍රියාත්මක කරන්න ලැස්ති යනුවෙනි (සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතා 0777579474)

 

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article