spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙබ් අඩවියක් සදහා ගඩොල් 1000 ක් …….

Must read

හෙට දවසේ මාධ්‍ය කලාව සකලාකාර අභියෝගයන් මැද ඉදිරියට ඇදෙමින් පවති.ජනයා හට ඇත්ත දැනගැනිමට ඇති සියළු මං අහුරාලිම දේශසිමා වලින් තොරව සියළුම පාලකයන්ගේ අභිප්‍රාය වි තිබේ.
එහෙත් මේ සියළු මර්ධනයන්ට එරෙහිව නව මාධ්‍ය සංස්කෘතියක් ලොව පුරා ගොඩනැගෙමින් තිබේ.
වෙබ් මාධ්‍ය කලාව අද ජනයා අතර ට වේගයෙන්ම තොරතුරු රැගෙන යන්නා බවට පත්ව තිබේ.
මැලේසියා කිනි යනු අද මැලේසියාවේ ක්වලලාම්පුර් නගරය කෙන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක එරට ප්‍රධාන පෙළේ විකල්ප වෙබ් අඩවියකි.
එහි කර්තෘ මණ්ඩල ක්‍රියාකාරින් පමණක් 20 දෙනෙකු පමණ සේවයේ නිරත අතර සමස්ථ කාර්ය මණ්ඩලය 60 පමණ වේ.
එමෙන්ම පුරවැසි මාධ්‍ය සදහා වෙනමම ඉඩක්ද ඔවුන් විසින් සිය වෙබ් අඩිවිය තුල සලසා  දි තිබේ.
පසුගිය දිනක ඔවුන් විසින් අපුරූ වැඩසටහනකට මුල පුරන ලදි. ඒ වෙබ් අඩිවිය සදහා ඔවුන්ගේම කාර්යාලයක් ඉදිකිරිම සදාහ ගඩොල් 1000 ක් එකතු කරගැනිමේ ඉලක්කය ඇතිවය.
ඔවුන් මෙසේ එක් ගඩොලක් මැලේසියානු රිංගිත් 1000 ක් ලෙස නම් කර තිබුනි.
එය ලංකා රුපියල් වලින් නම් දළ වශයෙන් රු 45000 කට ආසන්නය.
ඔවුන් මේ අරමුදල් රැස්කිරිමේ ව්‍යාපෘතිය 2014 අප්‍රේල් 10 වනදා සවස 4 ට අවසන් කර තිබුනේ ගඩොල් 1000 ඉලක්කය සපුරාගෙන තිබුන බැවිනි.
ඒ වෙනුවෙන් එක් ගඩොලක් මිළට ගැනිමේදි මැලේසියානු රිංගිත් 1000 පමණක්ම නොව ඊට වැඩියෙන් දායක කරන ලද අයද වුහ.
කෙසේ හෝ www.malaysiakini.com නුදුරේදි තමන්ගේම  වු තැනකට පිවිසෙනු ඇත.
මීපුර වෙබ් අඩිවිය ආරම්භයේ සිට අද දක්වාම ඔවුන්ගෙන් ලැබෙන සහය අප සිහි කරන්නේ සහෝදරාත්මකවය.Mikinipremmkini 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article