spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙබ් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Must read

Chathurangaවෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මීට අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහුගේ නිවසේ තිබූ පරිඝණකද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ‘ලංකා නිව්ස් වෙබ් ටුඩේ’ (lankanewsweb.org) නැමති වෙබ් අඩවියේ පළව තිබූ ප්‍රවෘත්ති කිහිපයක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සදහන් කොට තිබේග
මේ අතර ඩෙස්මන් චතුරංග ද අල්විස් සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධිකරනය අපහසුතාවයට පත් කරන තොරතුරු අන්තර් ජාලය තුල සංසරනය කිරිමේ චෝදනාව මත බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක පවසා ඇති බව දලිඩර් වෙබ් අඩවියේ පළවු පුවතක සදහන්ය

අත්අඩංගුවට ගත් චතුරංග අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානය වෙත ගෙවිත් මේවනවිට ප්‍රශ්න කරමින් සිටින බව ද ශීරාල් ලක්තිලක කියා ඇති බවද සදහන්ය.

”මම CID එකට ගියා.  අත්අඩංගුවට ගැනීම සිදුකළ සහකාර පොලිස් අධිකාරිට කතා කලා. හෙට උදැසන අධිකරනයට ඉදිරිපත් කරනවා කිව්වා. ” යයි පැවසු ශ්‍රිරාල් ලක්තිලක තවදුරටත් පවසා තිබේ

”පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්” යන ශීර්ෂයෙන් යුතුව lankanewsweb.org වෙබ් අඩවියේ පලවී තිබු  පුවත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත්, ඒ වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා වෙබ් අඩවියේ මාධ්‍යවේදියා ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව මාධ්‍ය විසින් කරන්නට යෙදුන විමසිම් වලදි සදහන් කර තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article