spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළෙන්දා පාරට ඇද දැමූ ඩඩ්ලි සේනානායක වෙළඳපලේ කඳුළු කථාව .

Must read

IMG-20200126-WA0004

මීගමුව පරණ ඩඩ්ලි සේනානායක වෙළඳපල පරණ වුවද කාලයක් තිස්සේ මෙහි වෙළඳාමේ යෙදී තම පවුල් නඩත්තු කළ මිනිස්සු ගැන කිසිදු කතාබහක් නගරයේ කොතනකවත් අසන්නට හෝ දකින්නට නැත .සංඛ්‍යාත්මකව 49 ක පමණ පිරිසක් විවිධ මට්ටමින් මෙහි වෙළඳාමේ යෙදී ඇත . ඉන් ස්ථිර වෙළෙන්ඳන් ලෙස නම්කර ඇත්තේ 24 ක පමණ පිරිසකි. අනෙක් ඉතිරි සියළු දෙනා බැහැර කිරීම සඳහා තර්කයක් නිර්මාණය කිරීම පාලකයින්ට අපහසු නොවීය . මන්ද සමහරු අතයට ගනුදෙනු මත වෙළඳාමේ යෙදුණු අය වූ බැවිනි.
ඩඩ්ලි සේනානායක වෙළඳපල කඩා බිමට සමතලා කොට අවසන්ය . එහි නම්කළ 24 දෙනාට තහඩු කඩ පේලියක් හදා ඒතුළ ගාල් කිරීමට කටයුතු යොදා ඇත. කඩ කැඩීමේදී සහ කඩ හැදීමේදී සිදුවන වංචාවන් පිළිබඳ ජනතාව හොඳින් දනිති. මෙම තහඩු කඩ සඳහා රු. ලක්ෂයක මුදලක් ගෙවීමට බල කෙරී ඇත.එමෙන්ම මාසිකව රු. 1000/ක මුදලක් කඩකුලී ලෙස ගෙවීමට සිදුව ඇත . මෙම ස්ථානය වෙළඳාම සඳහා සුදුසු තැනක් නොවන බව මේ වෙළෙන්දෝ බපවසති.
නමුත් ඔවුන්ට මෙම කඩ කාමර ගන්නා සේ බලකර ඇති අතර සමහර කඩ කාමරවල වහලවල් මේ අය විසින් තමන්ගේ වියදමින් තනාගෙන ඇති බව ඔවුන් පවසයි . මෙම ගොඩනැගිල්ල කඩන්නට පෙර මෙහි වෙළඳාමේ යෙදීසිටි වෙළඳුන් සමඟ යම් එකඟතාවයකට පැමිණිය යුතුව තිබුනු නමුත් එසේ සිදු නොවීය. ඔවුන්ට තාවකාලිකව හෝ තැනක් ලබාගැනීම පිළිබඳව කතා කිරීමේදී බිය වැද්දීම් සහ තර්ජනය කිරීම් තිබී ඇත . මේ සිදුවී ඇත්තේ පොදු දේපල මංකොල්ලයකි. එසේම මෙය පළමු අවස්ථාවද නොව .අවසාන අවස්ථාවද නොවන බව පැහැදිළිය. මීගමු නගරයේ ඕනෑතරම් ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් කතා කරන අය සිටින නමුත් මේ කිසිදු දේශපාලකයෙකු හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මේවා ගැන සංවේදී නොවීම කණගාටු දායකය.
ඒ තත්වය මත අද ඔවුන්ගෙන් සමහරු මහ පාරේ තම වෙළඳාම කරගෙන යති. තමන් ට වෙන්කරගත් කඩකාමරයට කුලියද ගෙවති. අසරණවී, බියපත්ව මේ කිසිවක් පිළිබඳව මැදිහත් වීමෙන් වැළකෙති. එසේම පාලකයෝ කිසිවක් සිදුනොවූ ආකාරයෙන් පැස්බරා වැල්ලේ හිස සඟවාගෙන සිටින්නාක් මෙන් සිටිති. නමුත් පශ්චාත් භාගය එළියේ බව අප ඔවුන්ට පවසන අතර මේ සිදුවීම් වල අවසානයක් කොයි මොහොතේ හෝ එලඹෙන බව මතක්කර සිටිමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article