spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ‍්‍රීලනිපය දියවෙලා ඉවරයි ! සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ !

Must read

sudarshani 10

ඔබ මේ වෙද්දී ශ‍්‍රීලනිපයේ සාමාජිකාවක් නෙවෙයිද?
අපි කොහොමත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේනේ. අපි ආණ්ඩු එපා කියලා විශ්වාසභංගයේදීම අයින්වුණා. අපි දැන් පොදුජන පෙරමුණත් එක්ක අපි ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවීමේ වැඩකටයුත්තේ යෙදී ඉන්නවා.
ශ‍්‍රීලනිපය ඔය ජනාධිපතිවරණ ව්‍යාපාරයට එකතු කරගැනීමේ සාකච්ඡුාවලට ඔබේ කණ්ඩායමේ මැදිහත්වීමක් නැද්ද?
ගම් මට්ටමෙන් යූඇන්පී විරෝධී සියලූ කොටස් එකතු කරගන්නට අපි වැඩ කරමින් ඉන්නවා. මිනිස්සු තමයි ඡුන්දය දෙන්නේ. ඒ නිසා අපි එකතු කරගන්න ඕනෑ මිනිස්සුන්ව මිසක් පක්ෂවල නායකයන්ව නෙවෙයි.
කෙසේවෙතත් ශ‍්‍රීලනිපය පෙන්වන්නේ තමන් නැතිව කාටවත් ජනාධිපතිවරණය දිනන්න බැරි බව නේද?
ඒක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. එයාලා කේවල් කරද්දී ඒක පාවිච්චි කරනවා. ඒත් ඡුන්දය දෙන මිනිස්සු කල්පනා කරන්නේ ඒක නෙවෙයි. එයාලා කල්පනා කරන්නේ කොහොම හරි යූඇන්පී ආණ්ඩුව ගෙදර යවලා රටට හිතකර, මේ රටට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගැනීම ගැනයි. රට සුරක්ෂිත කරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න එක ගැනයි. මිනිස්සුන්ට ඔය විවිධ කතාන්දර වැඩක් නැහැ. ඔවුන් බෙදී යන්නේ නැතිව රටේ අවශ්‍යතාව වෙනුවෙන් එක අපේක්ෂකයෙක්ව දිනවන්නට වැඩ කරනවා. ජනතාව අපට වඩා බුද්ධිමත්. එයාලා හරි තීන්දුවක් ගනීවි කියලා මම හිතනවා. ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ඒ ජනතා තීන්දුව එක්ක ඉන්නවාද නැද්ද කියන එක එයාලා තීරණය කරන්න ඕනෑ.
පොදුජන පෙරමුණ එක්ක එකතුවුණොත්, තම පක්ෂය දියවී යනු ඇතැයි ශ‍්‍රීලනිපයේ නායකයන්ට සාධාරණ බයක් තියෙනවා නේද?
ඒ බය දැන් ඇති කරගෙන වැඩක් නැහැ. දැන් පක්ෂයේ මොනවා ආරක්ෂා කරන්නද. දැන් ශ‍්‍රීලනිපයෙන් ලොකු පිරිසක් පොහොට්ටුවට ගියා. ඒක අපි කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පිළිගන්න එපැයි. ඒ බය ඇතිවෙන්න ඕනෑ වෙලාවේ තමයි බය වෙන්න තිබුණේ. ශ‍්‍රීලනිපය දියවෙලා ඉවරයි. දැන් පක්ෂයේ බහුතරයක් ඉන්නේ පොදුජන පෙරමුණත් එක්ක. පළාත් පාලන මැතිවරණයේදී වැටුණු ඡුන්ද සංඛ්‍යාව ගැනම අපට කතාකරන්න බැහැ. එතැන ප‍්‍රාදේශීය මට්ටමෙන් අපේක්ෂකයෝ ගොඩක් හිටියා. දැන් තත්වය වෙනස්. මේ නියෝජිතයන්ව පත්කරන ඡුන්දයක් නෙවෙයි. ඒ නිසා අකැමැත්තෙන් වුණත් අපට කියන්න වෙනවා ශ‍්‍රීලනිපය දැන් බොහොම දුර්වල වෙලා, අඩපණ වෙලා බව. අපි ආදරෙයි ශ‍්‍රීලනිපයට. ඒකේ කඩාවැටීම පිළිගන්න අපි කැමති නැහැ. ඒ අකැමැත්ත නිසයි අපි එතැන පුළුවන් තරම් කල් හිටියේ. ඒත් දැන් ශ‍්‍රීලනිපය බෝඞ් ලෑල්ලකට සීමා වෙලා.
ශ‍්‍රීලනිපය සන්ධානගතවෙන්න අකමැති නැති බවත්, පොදු ලකුණක් අවශ්‍ය බවත් පැහැදිළිව කියනවා නේද?
නම රැුකගෙන මොනවා කරන්නද. ලකුණ රැුකගෙන මොනවා කරන්නද. දැන් මිනිස්සු නායකත්වය ගැනයි බලන්නේ. මේ වෙලාවේ අපි මිනිස්සුන්ගෙන් පාඩමක් ඉගෙනගන්න ඕනෑ. මිනිස්සු බලන්නේ වැඩපිළිවෙල හා නායකත්වයයි. පහුගිය ඡුන්ද ගණනාවකදීම පරණ ලකුණු වෙනුවට අලූත් ලකුණුවලට මිනිස්සු ඡුන්දය දුන්නා. ඡුන්දය දෙනකොට ඔවුන් බැලූවේ නායකත්වය දිහායි. පක්ෂ පාට සලකුණුවලට කොටුවෙන්නේ නැතිව රට ගැන හිතුවානම් එකතුවීම ප‍්‍රශ්නයක් නෙවෙයි. සමහරු එකතු නොවෙන්න කොන්දේසි දානවා. බොහෝ අය එකතු වෙන්න කැමති වෙද්දී. එතකොට තමයි විවිධ කොන්දේසි එන්නේ.
ඔබ අදහස් කරන්නේ දැන් පොදුජන පෙරමුණ තියෙන හින්දා ශ‍්‍රීලනිපය අවසාන විය යුතු බවද?
අපි බලමු. එහෙම දෙයක් අපට කියන්න බැහැ. ඒක ජනතාව සහ අනාගතය තීන්දු කරන්න ඕනෑ දෙයක්. ඒ නිසා පක්ෂයක් වැහිලා යන එක ගැන අපි මොනාවත් කියන්න හොඳ නෑ. ජනතාව අනාගතයේදී ඒ පක්ෂය වටා එකතුවෙන්නත් ඉඩ තියෙනවානේ. ඒත් බලවත් පක්ෂය වරින් වර වෙනස් වෙනවා. එක් කලෙක සමසමාජ පක්ෂය වටේට තමයි වමේ බලවේග එකතුවුණේ. ඒත් පසුකාලීනව සමසමාජ පක්ෂයට තිබුණු බලය දුර්වල වුණා. ප‍්‍රතිපත්ති සහ නායකත්වය තමයි වැදගත් කාරණය. රටට හිතකර ප‍්‍රතිපත්ති ටිකක් තමයි වැදගත් වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ ජනප‍්‍රිය පක්ෂය මොකක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ.
එහෙත් ශ‍්‍රීලනිපයේ ඉඳලා පසුව පොදුජන පෙරමුණට ආපු කණ්ඩායම්වලට පොදුජන පෙරමුණේ ලොකු කැපිල්ලක් තියෙන බව ප‍්‍රසිද්ධියේම පේනවා නේද?
හැමෝම මනාප වලටනේ වැඩ කරන්නෙ. එකම පක්ෂය ඇතුලේ තමයි වැඩිම කුලල් කාගන්නේ. ඡුන්දය එද්දී එකම පක්ෂයක අනෙක් කෙනාට චෝදනා කරනවා. මනාප ක‍්‍රමය තියෙන තාක් කල් ඔය වගේ දේවල් තියේවි. කෙනෙක් පස්සේ ආවා, කලින් ආවේ මම වගේ කතා කියනවා. අහවලා යූඇන්පීයට යනවා කියලා චෝදනා කරනවා. කැලෑ පත්තර ගහනවා. මනාප කාලෙට ඕවා එනවා. ඒවාට මුහුණදෙන්න ඕනෑ.
ඔබටත් පහුගිය කාලයේ එවැනි අභියෝග තිබුණා නේද?
අද ඊයේ නෙවෙයිනේ. පළවැනි ඡුන්දය විතරක් මම කිසිම කරදරයක් නැතිව කළා. ඒත් දෙවැනි ඡුන්දය එනකොට අභියෝග ටිකක් වැඩිවුණා. ටික ටික දේශපාලනයේ ඉස්සරහට එනකොට අභියෝග එන්න එන්නම වැඩිවුණා. බලය වැඩිවෙද්දී අභියෝග වැඩියි. දුර්වල නම් අභියෝග නැහැ. දේශපාලනය ඔහොම තමයි. ඒක බොහොම අමාරු ක්ෂේත‍්‍රයක්. කුහකකම හැමතැනම. හැමෝටම ඕනෑ මනාප ලක්ෂ ගණන් වැඩිපුර අරගෙන එක වෙන්න. අනෙක් ක්ෂේත‍්‍රවල වගේ මෙතැන ඉන්න බැහැ. ඒ ඒ අයගේ ඉලක්ක තියෙනවා. දීර්ඝකාලීන සැලසුම් තියෙනවා. ආශාවන් තියෙනවා. ඒවාට බාධා ආවාම විරුද්ධ වෙනවා. බොරුව මෙතැන ඉක්මනට දුවනවා. මිනිස්සු තමයි බලලා හරි අපේක්ෂකයන්ට ඡුන්දය දෙන්න ඕනෑ.
පොදුජන පෙරමුණේත් ඡුන්දය ලබන්න නුසුදුසු අය ඉන්නවාද?
ඕනෑ පක්ෂයක අපේක්ෂකත්වය දිහා බලලා වැඩක් කරන්න පුළුවන්, තීන්දු තීරණ ගන්න පුළුවන් අපේක්ෂකයන්ව තෝරාගත්තොත් හොඳයි.
ශ‍්‍රීලනිපයෙන් පොදුජන පෙරමුණට ගිය අයව තම තමන්ගේ ආසන සංවිධානය කිරීම වෙනුවට උතුරු පළාතේ ආසන සංවිධානය කරන්න බාරදීම ඔවුන්ව පහළට දැමීමක් නෙවෙයිද?
අපිත් සැප්තැම්බර් 15, 16 දවස් දෙකේ උතුරට ගියා. මට මාන්තෙයි නැගෙනහිර දීලා තිබුණා. මුලතිව් ආදී ප‍්‍රදේශවට අපි ගියා. ශාඛා සමිති හැදුවා. හදලා රැුස්වීම් පවත්වලා අපි ආවා. ඒක අපව පහළට දැමීමක් නෙවෙයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ ප‍්‍රදේශවල සංවිධානය කරන්නයි අපට ඕනෑ වුණේ. එහේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න දැනගන්නත් අපට ඕනෑ වුණා. ඒ වැඩ හරිම සාර්ථකයි. කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. කාගෙන්වත් චෝදනා එල්ලවෙන බවක් මම දැක්කේ නැහැ. මිනිස්සු උන්දුවෙන් පොදුජන පෙරමුණත් එක්ක එකතුවුණා.
උතුරේ මිනිස්සු කියන්නේ මොනවාද?
එයාලා කිව්වේ 2015ට කලින් තමයි සංවර්ධනය තිබුණේ කියලා. පාරවල් හැදුණේ, සායනය හැදුණේ, පාසැල හැදුණේ ඒ කාලයේ බව ඔවුන් කිව්වා. සංවර්ධන ප‍්‍රශ්න තමයි ඔවුන්ට තිබුණේ. අපි ඉල්ලූවා අපිත් එක්ක එකතුවෙන්න කියලා. අපේ ආණ්ඩුවක් හැදුණොත් අපි සංවර්ධනය ගමට ගේන බව කිව්වා. එයාලාට වැව් අමුණු පිළිසකර කරලා, ගොවිතැනට වතුර ටික දීලා, පාරවල් ටික හදාගන්න එක තමයි කරගන්න ඕනෑ වෙලා තිබුණේ. පානීය ජල ප‍්‍රශ්න තිබුණා. ඒ පහසුකම් ලැබුණානම් සංවර්ධනය ඔවුන්ට ඒවි.
අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්න ආදී දෙමළ ජනතාවටම වැඩිපුර තියෙන ප‍්‍රශ්න ගැන අහන්න ලැබුණේ නැද්ද?
ඔවුන්ට ඕනෑ ආර්ථිකය දියුණු කරගන්න. එයාලා කිව්වා දැන් තියෙන යූඇන්පී ආණ්ඩුවෙන්වත් පළාත් සභාවෙන්වත් වැඩ කරගන්න බැහැ කියලා. ඒවාට ඡුන්දය දීලා වැඩක් නැති බව ඔවුන් කීවා. රාජපක්ෂවරුන් එක්ක එකතුවෙලා, ආණ්ඩුව එක්ක සුහදතාවයෙන් හිටියොත් වැඩක් කරගන්න පුළුවන්ය කියන පිළිගැනීම ඔවුන්ට තියෙනවා. ඔවුන්ට ගොඩක්ම තියෙන්නේ මූලික ප‍්‍රශ්න.
කෙසේවෙතත්, ඉදිරි මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ඡුන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට නොලැබීමේ අවදානමක් තියෙන බව පැහැදිළිව පේනවා නේද?

වැඩිපුර ඡුන්ද තියෙන්නේ දකුණු පළාතේනේ. දකුණේ ජනතාවට ජාතික ආරක්ෂාව ලොකු ප‍්‍රශ්නයක් වෙලා. ආර්ථිකය ලොකු ප‍්‍රශ්නයක් වෙලා. ආණ්ඩුව කරපු බොරුව ගැන ඔවුන්ට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. දකුණේ ජනතාවට එහෙම ප‍්‍රශ්න තියෙද්දී දකුණේ කැමැත්ත තියෙන කණ්ඩායමටනේ බලය ගන්න පුළුවන්. දැන් ලොකු විශ්වාසයක් ආණ්ඩුව ගැන නැහැ. යුද්ධය ඉවරකරලා බෝම්බ බිය නවත්වලා තිබුණු රටක, දැන් ජීවත්වෙන්න බයයි. මිනිස්සුන්ට ඕනෑ ජාතික ආරක්ෂාව තහවුරු කරපු, වැඩ කරපු, වැඩක් කරන්න පුළුවන් ආණ්ඩුවක් පත්කරගන්නයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා යුද්ධය ඉවරකරන්න ලොකු දායකත්වයක් දුන්නානේ. නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක පැල්පත් අයින් කරන්න, ගංවතුර නැති කරන්න එතුමා වැඩකටයුතු කළා. ඔහු කරපු වැඩ අදටත් ඉතිරිවෙලා තියෙනවා. එතුමා තුළ විනයක්, හික්මීමක් තියෙනවා. එතුමා තුළ රටට වැඩපිළිවෙලක් තියෙනවා. වෙන අපේක්ෂකයන් රටට වැඩපිළිවෙලක් කියලා නැහැනේ.
අගමැතිවරයායි ජනාධිපතිවරයායි ඡුන්දය ළඟට ඇවිත් 20 වැනි සංශෝධනය ගේන්න හැදුවත්, මීට කලින් ජනාධිපතිවරණවලදී තිබුණු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව යටගිහින් නේද?
ඒ සංශෝධනය ඡුන්දයක් බලාගෙන අරගෙන හරියන්නේ නැහැනේ. එහෙනම් ඒක කලින් ගන්න තිබුණා. අවංක වුවමනාවක් තිබුණානම් දැන් ඕක ගේන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා සජිත්ව කපන්නට ගෙනාපු උප්පරවැට්ටියක්නේ ඒක. නැත්නම් ඔවුන්ට තිබුණානේ රට ඇතුළේ ඒ ගැන ලොකු සංවාදයක් ඇති කරන්න. මොකද කොහොමත් ජනමතවිචාරණයකට ගියාම ඒ ගැන සංවාදයක් ඇතිවෙනවානේ. ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් පළාත් සභා ක‍්‍රමය ඇතුළේ ජනාධිපති ධූරය තමයි පළාත් සභාවල පාලනය කරන්නේ. ජනාධිපති ක‍්‍රමය අහෝසි කළොත් පළාත් සම්බන්ධීකරණය හා ජාතික ආරක්ෂාව නැතිවේදැයි බයක් තියෙනවා. ඒ ගැන ලොකු සංවාදයක් ඇති කරන්න ඕනෑ ඒ හින්දායි. ඉන්පස්සේ තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවානම් කරන්න ඕනෑ.
විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීමේ පොරොන්දුව දැන් මැතිවරණවලට ඉදිරිපත් කරලා වැඩක් නැති බව ඔබ හිතනවාද?
ඉස්සර ලොකුවට කතාකළාට දැන් 19 වැනි සංශෝධනය තියෙනවානේ. දැන් ජනාධිපතිවරයාට ඕනෑ විදියට පත්වීම් කරන්න බැහැ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. ඉහළ තනතුරුවලට නිලධාරීන්ව පත් කරන්න බැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනතාවට මේ ක‍්‍රමය ගැන ලොකු ප‍්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නැහැ. ජනතාවට ඊට වඩා ප‍්‍රශ්න දැන් තියෙනවා. ජාතික ආරක්ෂාව ලොකූ ප‍්‍රශ්නයක්නේ. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය ලොකුවට මාකට් කරන්න පුළුවන් වේවි කියලා. ජාතික ආරක්ෂාව තමයි මිනිස්සු බලන්නේ.
මේ වෙද්දී මිනිස්සු දේශපාලඥයන් ගැන කළකිරීමක් ඇතිව දේශපාලනයෙන් පිට මිලිටරි නායකයන්, වෘත්තිකයන් වගේ අයව බලයට ගේන්න උත්සාහ කරනවා නේද?
එහෙම අය ආවාට කවදාවත් පත්වෙලා නැහැනේ. රටේ මිනිස්සු තවමත් ප‍්‍රධධාන පක්ෂවලට තමයි ඉන්නේ. ඒ නිසා ඔය කවුරු ආවත් මං හිතන්නේ නැහැ දිනන්න පුළුවන් වේවි කියලා. ඒත් අපි එයාලාට කියන්නේ මේ වෙලාවේ ඡුන්ද කඩන ව්‍යාපෘති කරන්න එපා කියලයි. ඇතැම්විට රාජ්‍ය නොවන සංවිධානවලින් ඡුන්ද කඩන ජාත්‍යන්තර මෙහෙයුම්වලට වැඩ කරනවා. මේක රට ගැන හිතන්න ඕනෑ වෙලාවක්.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එන්නේත් දේශපාලඥයෙක් නොවන, මිලිටරි නායකයෙක් විදියට. ඔහු පොදුජන පෙරමුණේ සාමාජිකත්වයත් අරගත්තේ නැහැ නේද?
ඔව් ඔව්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කැම්පේන් එක යන්නේත් විද්වතුන් එකතු කරගෙන. එළිය, වියත් මග වැනි සංවිධාන එක්කනේ එතුමා යන්නේ. වෘත්තිකයන්ගේ ඉල්ලීමක් තියෙනවානේ රටට කරන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් ඕනෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ ඒ වගේ කෙනෙක්. ඔහු යන්නේ ජාතික අපේක්ෂකයෙක් විදියට. එතුමා තවම පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගත්තේ නැත්තේ ඒකයි. එතකොට ඕනෑ කෙනෙකුට ඡුන්දය දෙන්න පුළුවන්නේ. ඔහු වටේට හැමෝටම එකතු වෙන්න පුළුවන්. පක්ෂෙකට කොටු වෙලා නැහැ. එතකොට පොදුජන පෙරමුණේ නැති අයටත් එකතුවෙන්න පුළුවන්නේ.
ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයගත්තොත්, ආණ්ඩුවේ දේශපාලන නායකත්වය තියෙන්නේ කාටද?
ඒක අපි බලමු. අවස්ථාව අනුව සුදුසු විදියට වේවි. දේශපාලන නායකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට තමයි දේශපාලන අත්දැකීම් තියෙන්නේ. ජනතා විශ්වාසය හා ආකර්ශණය තියෙන්නේ එතුමාට. මම හිතන්නේ නැහැ ඒක ගැටලූවක් වේවි කියලා. මම පොදුජන පෙරමුණ එක්ක එකතුවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය පිළිගනිමින්. ජනාධිපතිතුමා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවාම එතුමා එක්කත් අපට රට වෙනුවෙන් එකතුවෙන්න පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ දේශපාලඥයන්ව අත්හැරලා වියත් මග හා එළිය සංවිධානවල නිලධාරීන්ට වැඩි තැනක් දුන්නොත් වෙන්නේ මොකක්ද?
මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් අපේ පක්ෂයේ නායකයානේ. එතුමා එක්කනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යන්නේ. ඒ නිසා දෙන්නා කතාබහ කරලා විද්වතුන්ට වගේම දේශපාලඥයන්ටත් තැන ලබාදේවි. විද්වතුන්වත් සංවර්ධනයට දායකත්වය දෙන්න එකතු කරගන්න එපැයි. දේශපාලඥයන් එපා කියන යුගයක දෙගොල්ලම එකතුවෙලා සංකලනයකින් වැඩක් කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයානේ අගමැති වෙන්නේ. පක්ෂ ව්‍යුහය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා යටතේ. මිනිස්සු එක්ක ඔහුට සම්බන්ධතා තියෙනවා. ඔවුන් දෙදෙනා අවබෝධයෙන් රට පාලනය කරයි. එකම පක්ෂයක, එකම පසුබිමකින් ආපු දෙන්නෙක්නේ. දැන් වගේ දෙපැත්තට යන්නේ නැතිව ඔවුන් හොඳ ගමනක් යයි.
මේ වෙද්දී ශ‍්‍රීලනිපයෙන් මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකුට එරෙහිව විනය පියවර අරන්. ඉදිරියේදී ඔබේ කණ්ඩායමටත් විනය පියවර ගනීවිද?
කමක් නැහැ. අපි රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තාය කියන සතුට අපට තියෙනවා. ජනතාව කියන දේ අපි කළේ. ජනතාව නැතිව දේශපාලනය කරන්න බැහැනේ. අනෙක දේශපාලන උපක‍්‍රමයක් විදියට දැන් අපව අයින් කරලා වැඩක් නැහැනේ. දැන් ඕවා කරන්න ගියාම ඒක අපේ කැම්පේන් එකටත් හොඳයි. අපට උදව්වක් කරනවා වගේ. අනෙක් ප‍්‍රශ්නය තමයි අයින් කරනවානම් පාර්ලිමේන්තුවේ හැමෝවම අයින් කරන්න වෙනවා. එහෙම කරන්නත් බැහැ.

Author: තරිඳු උඩුවරගෙදර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article