spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෂෙඩ් චණ්ඩි මිගමුවේ මාධ්‍යවේදියෙකුට පහර දුන් හැටි..(විඩියෝ)

Must read

සිරස මාධ්‍ය ආයතනයෙන් මාර්තු 01 වෙනිදා රාත්‍රි 8 ට පමණ මිගමුව සිරස ශක්ති වාර්තාකරු එම්.ඉසෙඩ් සහජාන් හට දැනුම් දි තිබුනේ රාත්‍රි 9 පුවත් වලට දැමිම සදහා මිගමුවේ ඉන්ධන පිරවුම්හල් වල තත්වය ගැන එවන්න කියල .
ඉතින් සහජාන් එයාට ලගම තිබුන දළුපත ෂෙඩ් එකට යනවා.ඒතකොට ඒ් ෂෙඩ් එකේ බොඩ් දාල තියෙනවා ඩීසල් නැත කියල .
ඉතින් සහජාන් ඒක එයාගේ ජංගම දුරකථනයෙන් විඩියෝ කරනවා .
මොකද ඉක්මනින් ෆෝන් ඒකෙන්ම යවන්න ඔ්න නිසා .
මේ ඉන්ධන පිරවුම් හල පිහිටි භුමියෙම තමයි බැංකු ටේලර් මැෂිමකුත් තියෙන්නේ . ඒ හින්ද සල්ලි ගන්න නිතරම මේ ATM මැෂිමට සෙනග එනවා .
මෙහෙම විඩියෝ කරමින් ඉන්න කොට තමයි මේ ෂෙඩ් එකේ අයිතිකාරයා ඒ් කියන්නේ සුනිල් මිරැන්ඩෝ කියන මනුස්සයා රෙද්දකුත් අරගෙන ඒන්නේ සහජාන්‌ගෝ ෆොන් එක වහල දාන්න  .
සහජාන් බොහොම සංයමෙන් කියනවා අයියේ මම සිරස කියල.
සහජාන් වෙනදට බයික් ඒකට තෙල් ගහන්නේත් එතනින් තමයි . ඒ මනුස්සය සහාජන්ව හොදට දන්නවා . එහෙම තියෙන කොට තමයි තිරිසනෙක් වගේ ඒදා රැ හැසිරෙන්නේ . ලැජ්ජයි.
කාණුවක් උඩ  නිති විරෝධි විදියට ෂෙඩ් එකක් හදපු මිනිහෙක්ට මේව තේරෙනවාද ?
සහජාන් ඊට පස්සේ රජයෙන් නිකුත් කරපු මාධ්‍ය හැදුනුම් පත පෙන්වනවා .
මේ මැරයන්ට  ඒ්ව තේරෙනවායැ .
මේ මනුස්සයයි එයාගේ පුතා ලුක්ෂ්මිත පුබුදු උදාර මිරැන්ඩෝ කියන හාදයයි ,   තවත් මැරයෝ ටිකකුයි සිරස මාධ්‍යවේදියාට ගහන්න පටන් ගන්නවා .
ඒයාගේ ෆෝන් එකයි මාධ්‍ය හැදුනුම්පතයි උදුර ගන්නවා .

ඒයා පැහැදිලිව ඒයාගේ අන්‍යන්‍යාතාවය ගැන කියනවා . ඒක  ගැන මේ මැරෙයෝ ගනන් ගන්නේ නැ. ෂෙඩ් ඒකේ මැර පුතා මාර කථාවක් කියනව මේ අස්සේ .
මිනිහ කියනවා අවසර අරගෙනද  ෂෙඩ් භුමියට ඇතුළු වුනේ  කියල .
අපට අහන්න තියෙන්‌නේ අර සින්දුවේ වගේ බොල බූරු පුතේ  එ‌හෙම නම් අර ATM  මැෂින්වලින් සල්ලි ගන්න අයත් උඹලගෙන් අවසර අරගෙනද ඇතුළු වෙන්නේ කියල ..

තාත්තටම  ගැලපෙන පුතා ???

සිරස මාධ්‍යවේදි සහජාන් ඒ රෑම තවත් මාධ්‍යවේදින් ඒක්ක ගිහින් පැමිණිල්ලක් දානවා. මේ ෂෙඩ් කාරයත් එයාගේ දේශපාලන හාම්පුතුන්ටත් කියල වෙන්න ඇති ඒ වෙලාවෙම පොලිසියට එනව. පොලිසියේ ලොකු මහත්තයා දෙගොල්ලන්ගේ විස්තර අහනවා . දළුපත ෂෙඩ් ඒක අයිති මැරයා මිරැන්ඩා පොලිසියේ ලොකු මහත්තයා   ඉස්සරහ කියනව අපි ගැහැව්වේ නැ කියල ..

කාණුවක් උඩ ෂෙඩ් එකක් හදපු  කෙනෙක්ට බොරු කියන එක මහ කජ්ජක්ද ? ලැජ්ජයි .

පොලිසියේ ලොකු මහත්තයත් ඒක පිළිගත්තද මන්ද හැබැයි හැසිරුනේ නම් ඒ වගේ තමයි. ඒයා CCTV  බලන්න යවනවා කියලත් කාවද කැන්දල කිව්ව . ඒක කරාද කියල නම් අපි දන්නේ නැ .
කොහොම හරි ෂෙඩ් මැරයා කරපු අනිතික බලු වැඩේ වැඩේ පොලිසියේ ලොකු තැනත් හිටියේ හරිම කූල් ඒකේ . රජය නිකුත් කරපු මාධ්‍ය හැදුනුම් පත උදුර ගත්තු මැරයෙක්ට පොලිසිය කථා කලේ හැමදාම කාර් ඒකට තෙල් ගහන ෂෙඩ් ඒකේ තමන් දන්න හදුනන මනුස්සයට වගේ.
මේ ජවනිකා යන අතරේ කාගෙන්ද කෝල් ඒකකුත් පොලිසියේ ලොකු තැනට ඒනවා . ඔව් සර් අනික් පාර්ශවයත් ඇවිල්ල ඉන්නේ කියලත් එයා උත්තර දෙනවා .
ඒයා කාටද සර් කිව්වේ කියල දන්නෙත් එයාම තමයි ..
සමහර විට ෂෙඩ් මැරයන්ගේ දේශපාලන හාම්පුතාල කථා කළාද දන්නේ නැ.
කොහොම හරි මිගමුවේ මාධ්‍ය සමාජය දැනටමත් මිගමුවේ පොලිසියේ පක්ෂපාති බව ගැන රජයේ ඉහලම තැන්වලට දැනුම් දිලයි තියෙන්නේ.
ෂෙඩ් මැරයන් විතරක් නෙමේ රජයේ මාධ්‍ය හැදුනුම්පතේ ගරුත්වය ගැන නොදැනුවත් පොලිසියේ ලොක්කන් ගැනත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න මිගමුවේ මාධ්‍ය සමාජය කටයුතු කරන්න තිරණය කරලා තියෙනවා .

 

https://youtu.be/pGDZBFn1anY
https://youtu.be/VvIbeZzCXeI
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article