spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රුසියානු යුද අපරාධ පරීක්ෂා කිරීමේ යෝජනාවක් 32ට 2ක් ‌ලෙස සම්මත කරයි. වීනය විරුද්ධ නොවේ!

Must read

ඡායාරූපය: ‌‌යෝජනාවට ජන්දය ලැබුණූ හැටි.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව විසින් කරන ලදැයි කියන අයිතිවාසිකම් කඩකිරීම් හෙළා දකිම්න්  එහිදී සිදුවු බවට කියැවෙන යුද අපරාධ  විමර්ශනය කිරීමට කොමිසමක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  අද යෝජනාවක් සමමත කළේය.

යුක්රේනය ගෙන ආ යෝජනාවට පක්ෂව කවුන්සිලයේ තිස් දෙදෙනෙක් ඡන්දය දුන්හ. රුසියාව සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය දුන් අතර චීනය ඇතුළු 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

යුක්රේන තානාපතනිය යෝජනාව සම්මත වීමෙන් පසු මාධ්‍ය අමතයි.

“රුසියාවේ සිට මගේ ජනතාවට එරෙහිව උල්ලංඝණය කිරීම් මෙහෙයවන අය අවධානය යොමු කළ යුතුයි. සාක්ෂි එකතු කරනු ඇත. අපරාධකරුවක් හඳුනා ගැනීමට නියමිත අතර, වරද කරුවන්ට දඩුවම් පැමිනවෙනු ඇතැයි ”යැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ යුක්‍රේන තානාපති යෙව්නියා ෆිලිපෙන්කෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු වාර්තාකරුවන්ට පැවසීය.

පෙබරවාරි 24 දා සිට සිය ක්‍රියාමාර්ග “විශේෂ මෙහෙයුමක්” ලෙස හැඳින්වූ රුසියාව, යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කරන්නේ නැතැයි කවුන්සලයට පැවසීය. එසේ නමුත් සිවිල් ජනයා‌ෙ පහර දෙන වීඩියෝ සාක්ෂි දැන් අන්ර් ජාලයෙහි සුලභය.

මෙහිදී කැපී පෙනෙන කාරණාව නම් මෙම යෝජනාවට විරුද්ධව රුසියාවේ හිතවත් රටවල් වන චීනය සහ කියුබාව පවා ඉදිරිපත් නොවීමයි. එනයින් ඔව්හු රුසියාන් යුද අපරාධ ගැන  අන්තර් ජාතික පරීක්ෂණයකට විරුද්ධ නොවූහ.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ මෙවැනිම යොජනාවක්ට දින දෙකකට පෙර චීනය විරුද්ධ වුයේ නැත. රුසියානු ආක්‍රමණය හෙළා දුට එම යොජනාවට පක්ෂව ඡන්ද 141ක් ලැබුණ අතර විරුද්ධ වූයේ රටවල් 05ක් පමණි.

මහා මණ්ඩලයේ යෝජනාව සම්මත වූ හැටි.

වැලැඩිමීර් පූටින් දැන් ලෝකයේ ඉතාම හුදකලා වූ දේශපාලන නායකයා බවට පත්ව සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article