spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩුවේ හමුදාකරණය ජීනිවා වල කථා වෙද්දි ,තෙල් බෙදිල්ලටත් හමුදා ලොක්කෙක් ! !

Must read

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන සිය ලිඛිත යාවත්කාලීන කිරීම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පසුගිය (04)ඉදිරිපත් කරනු ලැබුවාය.

ඇය එහිදී කියා සිටියේ සිවිල් ආණ්ඩුව හමුදාකරණය වෙමින් ඇති බවයි.

ශ්රී ලංකා රජය වගවීම ක්රියාත්මක කිරීමට ඇති අකැමැත්ත ප්රදර්ශනය කර නොමැති බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ඊයේ (04) මානව හිමිකම් කවුන්සිලයේදී ජාත්යන්තර මට්ටමින් වගවීම ඉදිරියට ගෙන යාම සඳහා විකල්ප උපාය මාර්ග අනුගමනය කරන ලෙස කවුන්සිලයෙන් ඉල්ලා සිටියාය.

“වත්මන් ආණ්ඩුව වගවීම ලුහුබැඳීමට ඇති අකැමැත්ත ප්රදර්ශනය කර ඇතුවා පමණක් නොව එය දණ්ඩමුක්තිය පිළිබඳ ආඛ්යානයක් ශක්තිමත් කරමින්, චෝදනා කරන යුද අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් රජයේ ඉහළම මට්ටම්වලට ඇතුළත් කර ඇත” ඇය පවසා තිබුණි .

මේ අතර ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කිරීමට සූදානම්වන බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.ඔහු මීට පෙර ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

 ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පසුගියදා පත්කරනු ලැබුවේද  විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරයකි.ඒ, ඩබ්.පී. පාලිත ප්‍රනාන්දු මහතාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article