spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරකයන් ඉඹලා පිළිගැනිමට සෞඛ්‍ය රෙගුලාසි රැසක් ඉවතට ?

Must read

ලංකාව කොරෝනා අවදානම් රටවල් වර්ගකිරණයට අදාල ව ගත් කළ අංක 4 අවදානම් තත්වය ලංකාව පැවතිම නිසා ඇමරිකන් ජාතිකයන් හට යම් අනතුරු ඇගවිමක් සිදුකර තිබේ.
තතු එසේව තිබියදි ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් අනුගමනය කල යුතු සෞඛ්‍ය රෙගුලාසි රැසක් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ලිඛිතව දන්වා කර ඇත.
ඒ අනුව එන්නත්කරණය සම්පූර්ණකලා යැයි සහතික කල සංචාරකයන් මෙරටට පැමිණීමට පැය 72 කට පෙර සිදුකල යුතුවූ PCR පරීක්ෂණය ඉවත් කරන ලෙස දන්වා ඇත.
එමෙන්ම වයස අවුරුදු 12 ට අඩු විදෙස් සංචාරකයන් හට අනිවාර්ය කරතිබූ PCR පරීක්ෂණද ඉවත් කරන ලෙස දන්වා ඇත.
එන්නත්කරණය සම්පූර්ණ කල ගුවන්කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම් පැළදීම(PPE) ද ඉවත් කරන ලෙස ද එම ලිපියෙන් දන්වා ඇත.
ජනාධිපතිවරයා විසින් කැඳවූ රැස්වීමකදී අවධාරණය කල පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා ඉහත සඳහන් සීමාවන් ලිහිල්කල යුතු යැයි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් පල කරන සෞඛ්‍ය අංශ විශේෂඥයින් පවසන්නේ මෙවැනි සීමා ලිහිල් කිරීම් මඟින් ලැම්ඩා වැනි නව කොරෝනා ප්‍රභේදයන්ද ශ්‍රී ලංකාවට පහසුවෙන් ඇතුල්වීමේ අනතුර ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article