spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් සුළඟ මර්ධනයට එරෙහිව පෙරට ?

Must read

sajith-ralley_1නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය පරාජයත් සමගින් දැඩි නිහඩතාවය නියැලි සිටියේ ඔහුගේ මන්ත්‍රිවරුන්ට පවා ඔහුව දුරකථනයෙන් පවා සම්බන්ධ කරගැනිමට නොහැකිව සිටි බවද මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.
කෙසේ වෙතත් දැන් විපක්ෂ නායක පිළිබදව යළිත් මතුව ඇති කථා බහත් සමගින් සජිත් ප්‍රේමදාස අවදි වි ඇති සෙයකි.නව ජනපතිගේ පත්විමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලන පිළිවෙත් වලට එල්ල වෙමින් ඇති දරුණු ප්‍රහාරයන් හමුවේ පාර්ශ ගණනාවක් මේ වන විට අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.
මේ අය අතර පසුගිය කාලය තුල ප්‍රධාන පෙළේ ඝාතන කිපයක් පිළිබදව විමර්ශන කටයුතු සිදුකරන ලද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ය.
අනික් පසින් සජිත් ප්‍රේමදසාගේ ජයපති මැදිහත් විම් කරන ලද වෙබ් මාධ්‍යවේදින්ය.එපමණක් නොව ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන තැනැත්තියක් සුදුවෑන් රියකින් පැහැර ගැනිමකි.
මේ සියල්ල ගැන විපක්ෂය හෝ විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සිටියේ මර නින්දකය.
විශේෂයෙන්ම වෙබ් මාධ්‍යවේදින්ට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට කැදවා සිදුකරන ප්‍රශ්ණ කිරිම් පිළිබදව වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් නිකුත් කරන්නට යෙදුන නිවේදනයේද සජිත් පිලේ නිහඩතාවය ගැන දක්වා තිබුණි.

කෙසේ වෙතත් දැන් සජිත් ප්‍රේමදසා අවදිවි ඇත.
ඉහත සිදුවිම් ගැන නිවේදනයක්ද නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය අතරේ හුවමාරුවෙමින් තිබුන සජිත් ප්‍රේමදාසගේ අත්සන පවා නැති නිවේදනය හේතුවෙන් මාධ්‍යවේදින් පවා අසිරු තත්වයකට පත්ව තිබුනේද එය සත්‍ය එකක් ද නැතිනම් හොර නිවේදනයක්දැයි කියාය.

සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ නිවේදනය

සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ නිවේදනය
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනය

Screenshot_20191129_070311

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article