spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව 10 වෙනිදා දක්වා කල් යන ලකුණු ????

Must read

 1596869749-Samagi_Jana_Balawegaya_L

මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එළඹෙන 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසන බව දෙරණ වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය මෙවර මහ මැතිවරණයේ සමස්ත ඡන්ද 2,771,980 ක් ලබා ගනිමින් ආසන 47ක් හිමිකර ගත්තේය.

ඒ අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බව වාර්තා වේ.

මේ වන විට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාම ලේඛනය බව පැවසෙන ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද එම පක්ෂය මාධ්‍ය වෙත දැනමටත් පවසා තිබෙන බවද වාර්ථා වේ.
මේ අතර සමගි ජන බලවේගය හා එක්ව තරඟ කළ සුළු පක්ෂද එක් මන්ත්‍රිධුරය බැගින් ඉල්ලා සිටින බවද වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article