spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමඟි බලවේගයේ ”අසමඟිය” ජාතික ලැයිස්තුවෙන් එළියට පනී …

Must read

1596869749-Samagi_Jana_Balawegaya_Lසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයන් තමනට පොරොන්දු වූ පරිදි ලබා දෙන ලෙස රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු පක්ෂ විසින් ඉල්ලා තිබේ.

මැතිවරණයට කලින් එකග වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බව ඔවුන් පක්‍ෂ නායක සජිත් ප්‍රේමදසා  මහතා වෙත දැනුම් දී ඇත.

දැනට ප්‍රසිද්ධ කර ඇති ජාතික ලයිස්තුව තම අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධ කර ඇති බවත් ඊට විරෝධය පළ කරන බව ඔවුන් තරයේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුව නම් කිරීමට නියමිතය.

දැනට ජාතික ලැයිස්තුව සඳහා සමගි ජනබලවේගයට මන්ත්‍රී දුර 07ක් ලැබී ඇත.

සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත.mano 1

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ.

මනෝ ගනේෂන් මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.SJB 1
(ලංකා සි නිව්ස් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article