spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලුත් පාර්ලිමේන්තුවට එන පිය – පුතුන් ඇතුළු ඥාතී හිතවතුන්

Must read

family tree

මෙරට වැසියන් විසින් මේවන විට 9 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයො තෝරාගෙන අවසන්ය.

මේ පාර්ලිමේන්තුවෙ විශේෂතා කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ, පියවරුන් කිහිප දෙනෙකු පුතුන් එක්කම මැති සබේට තේරී පත්ව සිටීමය.

* අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ පුතා නාමල් රාජපක්ෂ

* චමල් රාජපක්ෂ මහත්මයගෙ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ

* දිනේෂ් ගුණවර්ධන මහත්මයගෙ පුතා යදාමිණි ගුණවර්ධන

* ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයගෙ පුතා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

මීට අමතරව ප්‍රබල දේශපාලන නායකයන්ට ඥාති සම්බන්ධතා ඇති බොහෝ දෙනෙක් ද මෙවර මැතිසබේට තේරී පත්වී සටිති.

*අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ සොහොයුරා චමල් රාජපක්ෂ

*අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ නංගීගෙ පුතා නිපුණ රණවක.

* දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයගෙ පුතා සජිත් ප්‍රේමදාස

* හිටපු ඇමැති මහින්ද විජේසේකර මහත්මයගෙ පුතා කංචන විජේසේකර

* හිටපු මහ ඇමති මහිපාල හේරත් මහත්මයගෙ පුතා කනක හේරත්

* හිටපු අගමැති අභාවප්‍රාප්ත දි .මු. ජයත්න මහත්මයගෙ පුතා අනුරාධ ජයරත්න

* හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහත්මයගෙ ඥාති පුත්‍රයා දිළුම් අමුණුගම

* හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහත්මයගෙ පුතා විදුර වික්‍රමනායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්ත මහත්මයගෙ පුතා ලොහාන් රත්වත්ත

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත වෛද්‍ය ජයලත් ජයවර්ධන මහත්මයගෙ පුතා කවින්ද ජයවර්ධන

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්මයගෙ පුතා දුමින්ද දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත රෙජී රණතුංග මහත්මයගෙ පුතා ප්‍රසන්න රණතුංග

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය රිචඩ් පතිරණ මහත්මයගෙ පුතා රමේෂ් පතිරණ

* හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහත්මයගෙ බිරිඳ මුදිතා ප්‍රිශාන්ති

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ පුතා ඉසුරු දොඩම්ගොඩ

*හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ සොහොයුරියගෙ පුතා තමයි චන්දිම වීරක්කොඩි

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ජී.පී නෙල්සන් මහත්මයගෙ පුතා කිංස් නෙල්සන්

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත මොහාන් සාලිය එල්ලාවලාවල මහත්මයගෙ පුතා අකිල එල්ලාවල

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත ධර්මදාස වන්නිආරච්චි මහත්මයගෙ දියණිය පවිත්‍රා වන්නිආරච්චි

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහත්මයගෙ පුතා ජීවන් තොණ්ඩමාන්

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත හීන්මහත්තයා ලියනගේ මහත්මයගෙ පුතා වරුණ ලියනගේ

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරළ මහත්මයගෙ සහෝදරිය තලතා අතුකෝරළ

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහත්මයගෙ පුතා හර්ෂණ රාජකරුණා

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සංජීව කවිරත්න මහත්මයගෙ බිරිඳ රෝහිණී කවිරත්න විජේරත්න

* හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහත්මයගේ සහ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගෙ පුතා, තාරක බාලසූරිය.

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක ලේකම් අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහත්මයගෙ පුතා අසංක නවරත්න

* හිටපු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහත්මයගෙ පුතා ඩී.වී. චානක

* සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ හිටපු නායක, අභාවප්‍රාප්ත කුමාර් පොන්නම්බලම් මහත්මයගෙ පුතා ගජේන්ද්‍ර කුමාර්

* හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහත්මයගෙ ඥාතිවර,, හිටපු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත දයා ටී.පැස්කුවල් මහත්මයගෙ සොහොයුරාගේ පුත් අනුප පැස්කුවල්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත රූපා කරුණාතිලක මහත්මයගෙ ඥාති පුත් ගයන්ත කරුණාතිලක

* ඌව පළාත් හිටපු ඇමැති අනුර විදානගමගේ මහත්මයගෙ සොහොයුරා තේනුක විදානගමගේ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාල මහත්මයගෙ පුතා දුෂ්මන්ත මිත්‍රපාල

* හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න මහත්මයගෙ ඥාති පුත් උදයකාන්ත ගුණතිලක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එම්. වින්සන්ට් පෙරේරා මහත්මයගෙ පුතා සුචිත් සංජය පෙරේරා

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩී.ආර්.ජයරත්න මහත්මයගෙ පුතා පියංකර ජයරත්න

* අනූ හතරේ මැතිසබයට තේරී පත්ව සිට රිය අනතුරකින් මියගිය ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මහත්මයගෙ ඥාති පුත් අරුන්දික ප්‍රනාන්දු

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත පෙස්ටස් පෙරේරා මහත්මයගෙ පුතා නිරෝෂන් පෙරේරා

* හිටපු විදේශ ඇමැති අභාවප්‍රාප්ත ඒ.සී.එස්.හමීඩ් මහත්මයගෙ බෑණා,
අබ්දුල් හලීම් මොහොමඩ්

* හිටපු නියෝජ්‍ය ඇමැති එච්.බී.සේමසිංහ මහත්මයගෙ පුතා ෂෙහාන් සේමසිංහ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩබ්ලිවු.අලවතුවල මහත්මයගෙ පුතා ජේ.සී.අලවතුවල

* හිටපු පළාත් සභා මන්ත්‍රී,,,,ඝාතනයට ලක් වූ දේශබන්දු නාමල් ගුණවර්ධන මහත්මයාගේ සොහොයුරිය කෝකිලා හර්ෂණී ගුණවර්ධන

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ ඥාති පුත් රංජන් රාමනායක

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ
මංජුලා දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මයගෙ බිරිඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

* හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය එන්.එම්.පෙරේරා මහත්මයගේ ඥාති පුත් මහාචාර්ය තිස්ස විතාරණ.

* හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රීලාල් වික්‍රමසිංහ මහත්මයගෙ බිරිඳ රාජිකා වික්‍රමසිංහ

ජාතික ලැයිස්තුවෙන් සහ මහජන ඡන්දයෙන් පත් ව සිටින මෙම ඥාතීන් අලුත් පාර්ලිමේන්තුවේදි දැක ගත හැකි ය.

මූලාශ්‍රය – නිවුස් ෆස්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article