spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අගමැති අද දිවුරුම් දෙයි ! කැබිනට් මණ්ඩලය 26 යි !

Must read

MR-voteශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් අද  (09) අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දිමට නියමිතය.

ඒ කැලණිය ඓතිහාසික පුද බිමේදීය.

අද  පෙරවරු 8.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමතය.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් , 2020 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර 09 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වු මන්ත්‍රීවරුන්ගේ හා ජාතික ලැයිස්තුවලින් නම් කරන පුද්ගලයින් ඇතුළත් නාම ලේඛනය ගැසට් කිරිමෙන් පසු අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිතව තිබේ.

ඒ අනුව, ලබන 14 වැනිදා මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බව ද රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර විපක්ෂයෙන් තේරි පත්වු ඇතැම් මන්ත්‍රින් ආණ්ඩුවට එක්විමට සිටින බව විමල් විරවංශගේ ලංකා සි නිව්ස් වෙබ් අඩවිය විසින් යම් ඉඟි සටහන් කොට තිබේ. ඒ අතර ගම්පහ සහ කොළඹින් තේරි පත්වු අයද සිටින බව කියැවේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article