spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අර්බුදය උග්‍රවේ: චම්පිකගේ පක්ෂයත් මන්ත්‍රී ධුරයක් ඉල්ලයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
අගෝස්තු 05 දා පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලට අනුව සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගයට’

ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ආසන 7ක් හිමිව ඇති අතර එම මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයින් නම් කිරීමේ දී මතුව ඇති අර්බුදය මේවනවිට තවදුරටත් උත්සන්න වී තිබේ.

ඒ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තම පක්ෂයට ලබාදෙන ලෙස ජාතික හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක විසින් ඉල්ලා සිටීම නිසාය.

සජිත්ගේ පක්ෂය සමග සන්ධාන ගතවිමේදී ඇතිකර ගනු ලැබූ එකඟතාවයන්ට අනුව තමන්ගේ පක්ෂවලට ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය යුතු බවට රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් හා මනෝ ගනේෂන් වැනි  පක්ෂ නායකයින් ගෙන් මේවනවිටත් සජිත් ප්‍රේමදාස වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් පැවසුයේ, මෙම මැතිවරණයේදී මධ්‍යම හා බස්නාහිර දෙමල ජනතාව පදිංචි ප්‍රදේශවල ජනතාව සමගි ජන බලවේගය වෙත දින ගැනීමට තම සන්ධානය විශාල කාර්ය භාරයක් ඉටුකල බවයි. එහෙයින් තම පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

රිෂාඩ් බදියුදීන් මෙන්ම රවුෆ් හකීම් ද තම තමන්ගේ පක්ෂවලට ජාතික ලයිස්තුවේ එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය යුතු බවට සජිත් ප්‍රේමදාසට දැඩි බලපෑමක් කරමින් සිටිති.

 

ඩයනා හා මද්දුම බණ්ඩාර ගොඩ !

Ranjith Diana

මෙම බලපෑම් හමුවේ ජාතික ලැයිස්තුව නම් කිරීම පමාවනු ඇතැයි පැවසු එම පක්ෂයේ ප්‍රකාශකයකු වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර හා ඩයනා ගමගේ යන දෙදෙනාගේ නම් පමණක් මේවනවිට විවාදයකින් තොරව අනුමත වී ඇති බවයි.

සේනක ද සිල්වා නායකත්ව දැරූ ‘අපේ ජාතික පෙරමුණ’  පක්ෂය එහි නාමය ‘සමගි ජන බලවේගය’ ලෙස සංශෝධනය කර සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ලබාදී ඇත්තේ, ඔහුගේ බිරිඳ වන ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බවට සජිත් ප්‍රේමදාස හා රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් ලබාදුන් එකඟතාවය මතය.

මංගලගේ පක්ෂයක් !

Mangala samaraweeraහිටපු ඇමති මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී ශ්‍රීලනිප මහජන පාර්ශවය ඇරඹීමෙන් අනතුරුව මැතිවරණ වලට ඉදිරිපත්වීම සඳහා ‘අපේ ජාතික පෙරමුණ’  දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ  අතර එහි ආරම්භක නායකයා හා සභාපති වන්නේ ද මංගලයි.

විදුලි සංදේශ ඇමතිවරයකු ලෙස තමා විසින් ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ සිදුකරනු ලැබූ විප්ලවීය පරිවර්තනය සනිටුහන් කිරීම සඳහා ඔහු ‘දුරකතය’  සිය පක්ෂයේ ලාංජනය ලෙස යොදා ගනු ලැබිය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article