spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමයාන්තර සංහිඳියාව අරමුණු කර ගනිමින් වන්නියේ සිට පැමිණි ජනතාව හරසරින් පිළිගනී.

Must read

IMG-20190919-WA0043IMG-20190919-WA0042
මීගමුව , තම්මිට , කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී ඊයේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබින . එය සංවිධානය කර තිබුනේ මීගමුව අන්තර් ආගමික සහජීවනය පිළිබඳ කමිටුව විසිනි. මෙහි අරමුණ ලෙස අවධාරණය කෙරෙන්නේ සියළු ආගම්වල ජනතාවගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ එකමුතුවයිමෙම වැඩසටහන සඳහා මීගමු කලාපය භාරව කටයුතු කරන සිස්වාන් ද කෘෘස් පියතුමා , වන්නි හ්‍යුඩෙක් (Hudec)ආයතනය භාරව කටයුතු කරන ජේ. ප්‍රැන්සිස් පියතුමා , අෂ්මි මව්ලවි තුමා, අබ්දුල්ලා අබ්දුල් රහුමාන් සහ අඟුරුකාරමුල්ල මහ පංසලේ විපුල හාමුදුරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය .IMG-20190919-WA0031IMG-20190919-WA0046

පැමිණ සිටි ආරාධිත පූජක පක්ෂය සහ අනෙකුත්
ආරාධිතයින් විසින් මෙහිදී දැක්වූ පොදු අදහස වූයේ සියළු ආගම් , සියළු ජාතීන් එක පවුලක්සේ මේ ශ්‍රීලංකාව තුළ ජීවත්විය යුතු බවයි . එසේම මෙවැනි වැඩසටහන් ඒ සඳහා ආදර්ශයක් වනබවද පැහැදිළි කරන ලදී .IMG-20190919-WA0047
එසේම වන්නියේ සිට පැමිණි මෙම සහෝදර ජනතාව වෙනුවෙන් නැටුම් , ගැයුම් සහ භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුනු අතර අවසානයේ මේ අය අතර සුහද කතාබහකටද යොමු කරන ලදී . භාෂාව ඊට යම් බාධාවක් ලෙස තිබුනු නමුත් , එම බාධකය නොසලකා ඉඟි බිඟි වලින් ,සිප ගැනීම් වලින් අදහස් බෙදාගන්නා ලදී .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article