spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජීවිත ජීවත් කිරීම සඳහා මරණය මැදින් සාගරය තරණය කිරීම !

Must read

Boat illegal(5.55 pm ) ඉන්න  හිතෙන  රටක්   පිළිබඳව    මතුකරන  අදහසක්   දේශපාලන  සමාජය  තුළ  නිතර  කතාබහට   ලක්වනු  දැකිය හැක.  එවැනි  කතාබහක්   ඇති වන්නේ  මේ  රට  ඉන්න  නොහිතෙන  රටක්  නිසා යැයි  කිවහොත්  එහි  වැරැද්දක්  ඇති  බවද  නොපෙනේ.
පසුගිය  දිනවල  වරින්වර  තරුණ පිරිස්  අනවසරයෙන්  ඕස්ට්‍රේලියාවට  යාම  සඳහා  ගත් උත්සාහයන්  ගැන  තොරතුරු  නිතර  අසන්නට  ලැබින.
උත්සන්න  වෙමින්  පවතින  මෙකී  තත්වය පසුගිය  බෝම්බ  සිද්ධියෙන්  පසු  තවත්  වර්ධනය විය.  එය  කොතරම්  බරපතල වීදයත්  ඕස්ට්‍රේලියාවේ    ඉහළ පෙලේ  නියෝජිතයින්  දෙදෙනෙකු  ලංකාවට  පැමිණියේ    මේ  ගැන  අවබෝධයක්  ලබාදීම  සඳහාය.
මේ  අනුව  මේ  ගැන  සමාජ ක්‍රියාකාරකයින්  කිහිප දෙනෙකුගෙන්  විමසා  සිටි  අතර  ඔවුන්  ඊට  ප්‍රතිචාර  දැක්වූයේ  මෙසේය. ප්‍රථමයෙන්  අප  අදහස්  විමසා  සිටියේ  සමාජක්‍රියාකාරිකයෙකු  මෙන්ම  මාධ්‍යවේදියෙකුවූ  අරුණශාන්ත  නෝනිස්  මහතාගෙනි.IMG-20190912-WA0047

ඔහු  ප්‍රකාශ කළේ  සංවර්ධනය  වෙමින්  පවතින  රටවල  රැකියාවක්  කරගැනීමට  අපහසුවූ  මිනිස්සු  ජීවත්වීම  උදෙසා  මෙසේ  විදේශගතවීම  සාමාන්‍ය  දෙයක් බවයි.  ඒ  වගේම  ලෙහෙසියෙන්    යාහැකි තත්වයක්  තිබෙන බැවින්  ඒසඳහා  ඕස්ට්‍රේලියාවම   තෝරාගෙන  ඇති බවයි.  එය  කොතරම්  දුෂ්කර  වුවද  මිනිසුන්ගේ  ජීවිතය  ඊටත් වඩා  දුෂ්කර බව  ඔහු  පවසයි.

මීලඟට  අදහස්  දැක්වූයේ  කලක්  ගුරුවෘතියේ  සිට  විදේශයන්හි  අධ්‍යාපන  කටයුතු වල  නිරතවූ  අබ්දුල්ලා  අබ්දුල්  රහුමාන්ය.IMG-20190912-WA0045

රටේ  තිබෙන  ආර්ථික ප්‍රශ්ණ  නිසා  ඕස්ට්‍රේලියාවේ  පවතින  සුන්දර බව  මවා  පෙන්වීමෙන්  පොලඹවා  ගැනීමක්  ඇතිවෙනවා.  ඒකෙ  අසුන්දර  බව  පේන්නෙ  පස්සෙයි.   මේකෙදි   රජයේ  වගකීමක්  තියෙන  නමුත්  ඒක  සිද්ධවෙන්නෙ නෑ.  තරුණ  පිරිස තුළ  අධ්‍යාත්මික  වශයෙන්  පිරිහීමක්  තිබෙනවා.  ඒ නිසා  රටගැන  සමාජය  ගැන  හිතන්න  වෙලාවක්  ඔවුන්ට  නෑ.  ඒ නිසා   අනවසරයෙන්  යන  ඔස්ට්‍රේලියන්  ගමන  කොතරම්  දුෂ්කර වුනත්  ඔවුන්  යනවා.

සමාජයේ  ඇති  විවිධ  ප්‍රශ්ණ  සඳහා  වන  අරගලයන්හිදී  මැදිහත්වන  සමාජ ක්‍රියාකාරිනියක්වූ  ක්‍රිස්ටීන්  කන්‍යා  සොයුරිය  අප  සමඟ  ප්‍රකාශකළේ  මෙවන්  අදහසකි.IMG-20190912-WA0046

අද  මිනිසුන්ගෙ  ප්‍රශ්ණ වලට  උත්තර  නෑ.  ඔවුන්  ගෙනියන්නෙ  මරණයත්  ජීවිතයත්  අතර  සටනක්.  සමහර  කොටසකගේ  ජීවිත  වලට නම්  ආරක්ෂාවක්  තියෙනව.  සමහර  අය  ඕස්ට්‍රේලියාව  ගැන  එහි  සැපවිඳීමක්  ගැන  මවල  පෙන්නනව.  ඒනිසා  මේ  ගමන  කොතරම්  දුෂ්කර වුනත්  යන්න  පෙළඹෙනව.  මේ  යන  මිනිහ  ගැන  කව්රුත්  සළකන්නෙ නෑ.  මේ  අයට  මේ  ගමන  යන්න සිද්ධවෙල.  එක  පතක්ෂයක් වත්  මේ  ගැන  බලන්නෙ නෑ.  ජනාධිපති  වුනත්  මේ  ප්‍රශ්ණය  ගැන  අවධානය  දීල නෑ.  ඒකයි  ඇත්ත.

දක්ෂ  නාට්‍ය ශිල්පියෙකු ,  සමාජ ක්‍රියාධරයෙකුවූ  නෙවිල්  ගාමිණී  මහතා  මේ  සම්බන්ධව  ප්‍රකාශකළේ  මෙවන්  අදහසකි.IMG-20190912-WA0044

බෝට්ටුවේ  යන  මේ ගමන  ඉතා භයානකයි.  මේක  අනවසර  බව  දැනදැනත්  ඔවුන්   යන්නෙ  තමන්ගෙ  ජීවිතේ  පරදුවට  තියලයි.  මේක  රටේ  ප්‍රබල  ප්‍රශ්ණයක්.  රටේ  තියෙන්නෙ  හොඳ  තත්වයක් නම්  සුන්දර නම්  එහෙම  යන්නෙ නෑනෙ. මේ  රටේ  ජීවත්වීම  අමාරු නිසා  මිනිස්සු  තමන්ගෙ  ජීවිතේ  හදාගන්න  ඔස්ට්‍රේලියාව  ගැන  බලාපොරොත්තු  තියාගෙන  මේ  ගමන  යනව.  නමුත්  මේක  අද ඊයෙ වැඩක් නෙවෙයි.  මේ සඳහා  රාජ්‍ය අනුග්‍රහයනුත්  ලැබිල  තියෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article