spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ කෝ ? වාෂ්ප වුණා ද ? – දිලීප පීරිස් පොලීසියෙන් විමසයි

Must read

1596208206-dileepa-peris_l

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ට සැප පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටින හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසියට චෝදනා එල්ල කළේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක දී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙසේ පොලීසියට චෝදනා එල්ල කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේ විදිහට දින 7ක් 87000ක් ඉන්න පොලිස් හමුදාවක් ක්‍රියාත්මක වෙලා සම්පායෝ අත්අඩංගුවට ගන්න නොහැකිනම් ඒකෙන් දෙන පණිවුඩය මොකක්ද?”

“මේ රටේ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, සහ ඒ බන්ධනාගාරයේ අධිකාරිවරයාට තමුන්ගේ එළියේ සිටින සහචරයින් යොදාගෙන ඝාතනය කරන බවට ඔවුන් ප්‍රසිද්ධියේ කියා තිබුණා..මෙහෙම ධෛර්යයක්, ශක්තියක්, විශ්වාසයක් කොහොමද ඒ බන්ධනාගාර රැඳවියන්ට ලැබුණේ..?”

“පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාර්යයක් ඉටු කරනවා..ඒත් ඒ නායකත්වය ඉදිරියෙන් දිය යුතුයි..”

“දැන් අපි පොලිස් දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා..අධිකරණයට භාර වුණා කියලා හරියන්නේ නෑ..හොයන්න ඕනේ කොහෙද හිටියේ කියලා..මොකද මේවා නරක පූර්වාදර්ශ සපයනවා අනෙක් අපරාධකරුවන්ට..”

“අපිට හදිස්සියක් තියෙනවා තමයි මේ රටේ අපරාධ නඩු සම්බන්ධව..ඔය හැම නඩුවක්ම ඇල් මරනවා..මාධ්‍ය ආවරණය නැතිනම් මේ නඩුව මරලා ඉවරයි දැනටමත්..”

“සම්පායෝ උසාවියට එන්නේ නැතුව ජනාධිපති නීතිඥයෙක් ඇතුළු නීතිඥවරු 15ක් එවනවා අධිකරණයට..ඔහුට එහෙම ශක්තියක් දීලා තියෙන්නේ මේ සිස්ටම් එක..ඉතිං මේ සිස්ටම් එක නැවැත්විය යුතු නැද්ද අපි..?”

“මේ අපරාධ මර්ධනයෙහි ලා පොලීසියට තියෙන්නේ භූමියේ රාජකාරිය..අපි අධිකරණ රාජකාරිය කරලා දෙන්නම්..ඔබතුමාලා අපිට කරලා දෙන්න ඉතුරු රාජකාරිය..”

“දැන් අදට දින 10ක් වෙනවා..සම්පායෝ කියන පුද්ගලයා වාෂ්ප වුණා ද? කෝ ඔහු ?”


අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article