spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමික්ෂණයකට පැමිණි තරුණයා අහපු ප්‍රශ්ණ නිසා කාන්තාවකට සිදුවු අකරතැබ්බයක් ?

Must read

surprised-1184889_1280-e1539721950267

පසුගිය  දිනෙක  මීගමුව  කට්ටුව  ප්‍රදේශයේ   නිවසකට  පැමිණි  එක්තරා  තරුණයෙකු   තමන්  සමීක්ෂණයක්  කරන  බවත්,  සෞඛ්‍ය  අංශයේ  මෙම  කටයුත්ත  සඳහා  මෙකී  නිවස  තෝරා ගත්  බවත්  නිවෙස්  හිමි  කාන්තාවට  පෙන්වා  දෙන ලදී.  එසේම  තව දින  කිහිපයකින්   දෙදෙනෙකු  පැමිණ   මෙම  කටයුත්ත  ගැන    තවදුරටත්  විස්තර   කරනු  ඇති  බවටත්  පවසා ඇත. මේ  අනුව  නො‍බෝ  දිනකින්   එසේ  සඳහන්  කරනලද  දෙදෙනා  පැමිණ  ඇත.   ගෙහිමියන්  පැවසූ  ආකාරයට  මෙම  දෙදෙනා  සැක  සිතෙන  ආකාරයට  හැසිරුනු  බව පැවසේ.  එසේම  ඔවුන්  මෙම  සමීක්ෂණයට  අදාල  පත්‍රිකා  කිහිපයකුත්  නිවෙස්  හිමියන්ට  ලබාදී  ඇත.   මෙකී ප ත්‍රිකා  වලට  අනුව  මෙම  සමීක්ෂණය  සෞඛ්‍ය, පෝෂණ  හා  දේශීය  වෛද්‍ය  අමාත්‍යාංශය  විසින්  සංවිධනය  කරන  ලද්දක්  බව  පැහැදීළිවිය. කෙසේ  නමුත්  මෙහිදී  ගෙහිමි  කාන්තාව  මේ ගැන  සැකයටත්  බියටත්  පත්ව  ඇති අතර 119  පොලිස්  සේවයටත්,  මෙම  පත්‍රිකාවල  තිබුනු   දුරකතන  අංක  වලටත්  අමතමින්  කථා කලද  ඇය  නිසි  පිළිතුරක්  නොලද  හෙයින්  මේ  පිළිබඳව  අපටද  දැනුම්  දෙන  ලදී.

මේ  අනුව  අප   සෞඛ්‍ය  ,  පෝෂණ  හා  දේශීය  වෛද්‍ය  අමාත්‍යාංශයේ  නිලධාරි  මහත්මීන්  කිහිප  දෙනෙකු  සමඟ  දුරකතනයෙන්  කථාකළ  නමුත්  ඔවුන්ටද  මේ ගැන  නිශ්චිත  අදහසක් තිබු බවක් අපට දැනුනේ නැත
පසුව අප කළ තවත් විමසිමකදි සැලැසුම් නිළධාරියෙකු වු ගොඩකන්ද මහතා කියා සිටියේ මෙවැනි  කටයුත්තක්  කෙරෙන  බවත්,  මේ  සඳහා  යොමුවී  සිටින සමහර  අය  නුපුහුණු   අය නිසා  සිදුවූ  දේට  සමාව  භජනය  කරන  බවත්ය.තවදුටරටත්  ඔහු කියා සිටියේ මේ තොරතුුරු විමසිමේ කටයුත්ත ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වෙතද පවරා ඇති බවය.

මෙම   සිදුවීම්  ජාලය  හරහා  අපට  ලබා දෙන  පනිවිඩය  ඉතා  වැදගත්ය. .

රජය හෝ  රජයේ  ආයතනයක්  විසින්  යම්කිසි  කටයුත්තක්  සිදු කරනු  ලබන්නේනම්  ඒ  පිළිබඳව  නිසි  සැලසුමකින්  සිදු නොවූවිට  ලැබෙන  ප්‍රතිඵලය   (එකී  කටයුත්ත  කොතරම්  යහපත්  වුවද)  එතරම්  යහපත්  නොවන  බවය.  අද  සමාජයේ  සිදුවන  විවිධ  යටිකූට්ටු  වැඩ  පිළිබඳව  ලැබූ  අත්දැකීම්  ඇති  ජනතාව   මෙවැනි  අවස්ථාවකදී  ගන්නා  තීරණය  කුමක්විය  හැකිදැයි  අපට  කිව  නොහැක. ඒනිසා    මේවා  පිළිබඳව   සියළු  දෑ  ජනතාවට  නිසි  පැහැදිළි  කිරීමකින්  කිරීමටත්,  ඒසඳහා  නිසි  සැලසුමකින්  කටයුතු  කිරීම  වැදගත් බවත්   අප  අවධාරණය  කරන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article