spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම රැකගැනීමට අල භාවිතා කරමු

Must read

5963224e877433b18abdd6ab4f0f212fහැමෝම කැමතියි  ලස්සන වෙන්න අපි ඒ සඳහා ගන්නා ස්වාභාවික ක්‍රම දෙස බැලුවහොත්ල ඔබ පුදුමයට පත් වනු ඇත. අද අප කථා කරන්නේ අර්ථාපල් භාවිතා කර ලස්සන වන ආකාරයයි විශේෂයෙන්ම ඕනෑම ගැටලුවක් සඳහා ඔබේ සමට මේ ක්‍රමය පහසුවෙන් භාවිතා කළ හැක. මේ   මගින්  ඔබේ මුහුණ පිරිසිදු කර පැහැපත්ව තබා ගත හැකිය එමෙන්ම මෙම ක්‍රමය මගින් ඔබට වැඩි වියදමක් නැතිව සම පැහැපත් කර ගත හැක.

හැමෝම අර්තාපල් වලට කැමතියි. එය ඔබට කැමට පමණක් නොව ඔබේ අලංකාරය පවත්වා ගැනීමටත් භාවිතා කළ හැකිය
අල:
අර්තාපල් ලෝකය තුළ ඇති පහසුම ආහාර වලින් එකක් වන අතර අර්තාපල් පසෙහි වැඩෙන පෝෂ්ය පදාර්ථ හා ඖෂධීය ගුණ අනුන ආහාරයක් වේ.අර්තාපල් කැලරි, පොටෑසියම්, විටමින් සී, ඛනිජ ලවණ, පිටි සහ තන්තු වලින් පොහොසත් වේ.
ඇස් සදහා අර්ථාපල් භාවිතය:
ඔබේ ඇස් වටා ඇති ගැටළු සදහා සුවයක් අවශ්‍යනම් අර්තාපල් ඔබට හොඳම සහනයක් ලබා දෙනු ඇත අැස් යටින් රුධිරය ගලනවනම් ඇස් ඉදිමෙනවනම් ඒයට අර්තාපල් මගින් සහනයක් ලබා ගත හැක.
අර්තාපල් කපාගන්න පසුව  අඹරාග ඇස් වටා පිටතින් ගල්වා  සොදා හරින්න  මෙය සතියකට දින දෙකකක් කළ හැකිය.
තෙල් සමට අර්ථාපල් භාවිතය
අර්තාපල් යුෂ සහ ලෙමන් යුෂ අර්ධ තේ හැන්ද බැගින් මිශ්‍ර කරන්න මී පැණි හැන්දක් එකතු කර මුහුණේ සහ බෙල්ලට ගල්වන්න විනාඩි 10කින් පසු වතුෙරන් සෝදා හරින්න මෙය සිදු කිරීම මගින් මුහුණේ සියලු දූවිලි ඉවත් කර මුහුණට බැඛෙලෙන පෙනුමක් ලබා දෙයි තවද මුහුණේ අධික තෙල් ඉවත් කරයි
එය තෙල් සහිත සමක් ඇති අයට මහත් අත්වැසිල්ලක් වේ
වියළි සමට අර්ථාපල් භාවිතය
අර්තාපල් තෙල් සහිත සමට පමණක් නොව වියළි සම සඳහාද ඇතග
අර්තාපල් හොඳින් තම්බාගෙන පොඩි  කර ඒයට  කිරිපිටි හැන්දක් හා ආමන්ඩ් තෙල් හැන්දක් එක් කරන්න ඒවා  හොදින් මිශ්‍ර කර ආලේපයක් ලෙස  සදා මුහුණේ හොදින් ආලේප කරන්න ආලේප කර මිනිත්තු විස්සක් පමණ පසුල සීතල වතුරෙන් සෝදා ගන්නග ඔබට සතියකට වරක් මෙය කළ හැකියග මෙය කිරීමෙන් ඔබේ සමට දිදුළන පෙනුමක් ලබා දෙයි.
ක්ලෙන්සර් සදහා අර්ථාපල් භාවිතය
ගෘහ මැටි ක්ලෙන්සර් අර්තාපල් සමඟ පහසුවෙන් සකස් කළ හැකිය අර්තාපල් පිපිඤ්ඤා කොප්ප තුනක් සමග මිශ්‍ර කර මුහුණ මත එය දමා මුහුණේ සියලු කුණු ඉවත් කරන්න සමේ රුධිර සංසරණය වැඩි වීම මෙන්ම මුහුණේ දීප්තිමත් බවක් පෙන්වයි
හිරු ඒළියෙන් සමෙහි වර්ණය වෙනස් විම 

හිරු ඒළිය මගින් සමට හානි වේ.  අර්තාපල් ආධාරයෙන් එය නැවත යථා තත්වයට පත් කළ හැකිය. හිරු එළියට සම පිච්චිම මගින් ඇතිවෙන පැල්ලමි මේ මගින් ඉවත් කල හැක
බත් සමග අර්තාපල් පේස්ට් ඒකක් ලෙස සකසාගෙන  මාස්ක් ලෙස මුහුණේ තවරන්න පසුව වියලුනු  පසු හොඳින් සෝදා ගන්න
අළු පාට හිසකෙස් සදහා අර්ථාපල් භාවිතය:
අර්තාපල් හොන්දින් තම්බාගෙන පොත්ත ඉවත් කර හොන්දින් පොඩිකර එයට මී කිරී හෝ ලෙමන් යුෂ හැන්දක් එකතු කරන්න පසුව හෙයා පැක් එකක් ආකාරයෙන් හිසේ ගල්වා විනාඩි 40කින් පසු සෝදා හරින්න. මේ මගින් අළු පාට හිසකෙස් යථාතත්යට පත් කළ හැක.

උපදෙස් – විජයකුමාර් උමා සංකරී
සැකසුම – දිල්හානි ගම්පලගේ


මෙම විශේෂාංගය තුළින් දෙන ස්වාභාවික ක්‍රමවේද මගින් වැඩි වියදමක් නැතුව නිවසේදිම පහසුවෙන් කරගත හැකි සමට හානියක් නැති ලස්සන විමේ පැරණි ක්‍රම සහ නවින ක්‍රම ඉදිරියෙදි  අප සාකාච්ඡා කරන්නෙමු.     විජයකුමාර් උමා සංකරී   රුපලාවන්‍යවේදිනිියක් ලෙස රෑපලාවන්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තියමය වශයෙන් වසර හතරකට අාසන්න කාලයක් පුරා රූපලාවන්‍ය  වෘත්තියේ   නියැලී  සිටි.
මනමාළියන් හැඩගැන්විම, කොණ්ඩා මොස්තර දැමිම, මෙන්ම රුපලාවන්‍ය කටයුතු පිළිබද හැදෑරීම්  කර තිඛේ .
Vijayakumar uma shankari umanewsmall
*Anusha’s finishing academy diploma beauty culture
*chalm way diploma in hair dressing
*dress well beauty parlor diploma in beauty culture


339/74 st jude garden; 60th feet road ,kattuwa, Negombo.
‎                            Mobile :0765426405

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article