spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාදුලාගේ ‘මන්ත්‍රීධුර වලිය’ උග්‍ර අතට – රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පැමිණිල්ලක්

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කර ඇත.

ඒ, අපේ ජන බල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක සුමල් ලක්මණආරච්චි විසිනි.

තමන් සළකුණු කළ මනාපයෙන් විමලතිස්ස හිමියන්ට පාර්ලිමේන්තු ආසනයක් ලබා ගැනීමට ඉඩදිය නොහැකි බවට ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව  ‘නෙත් නිවුස්’ වාර්තා කරයි.

කෙසේවෙතත් මේ වනවිට උන්වහසේ අතුරුදන්ව සිටිති.

මේ අතර අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණයේ සහය පැතීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සූදානම් වේ.

කෙසේවෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගතයුතු බවයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ ලේකම්වරුන් යැයි පවසන දෙදෙනෙකු මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලිපි දෙකක් යොමුකර ඇත.

 

නීතිපතිගේ උපදෙස :

මේ අතරතුර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ‍කාරී තත්ත්වය විසඳා ගැනීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන තිබිණ.

ඒ අනුව නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇත්තේ අපේ ජන බල පක්ෂයේ ලේකම් ලෙස වරම හිමිකරගෙන ඇති පුද්ගලයාගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සළකන පුද්ගලයාගේ නාම යෝජනාව භාරගන්නා ලෙසයි.

සාදුලාගේ ‘වලිය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ල වෙමින් ඇති අතර ‘කින් බානට්’ (King Barnet) එය සටහන් කර ඇත්තේ මෙසේය.

එක තනතුරක්
හිමිවරු තුනක්
පන්සලේ ලො‌කු ගෝ‌රියක්
බුදු හිමියනේ
නිවන් වැඩුමට
කාර් පර්මිට් තරගයක්….//
Screen Shot 2020 08 15 at 2.55.03 PM

 


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article