spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිය ගණනක් අනවසර ඉදිකිරිම් තිබියද,මිගමුවේ අසරණ දරුපවුලක් මහපාරට ?

Must read

මීගමුව කලපුව සහ මුහුදු වෙරළ ආශ්‍රිතව කප්පරක් අනවසර මෙන්ම ඉතා පැහැදිලි නීති විරෝධි ඉදිකිරිම් සිය ගණනකටත් වඩා තිබියදි මිගමුව වෙරළ සංරක්ෂණ ලොක්කෝ මේ දිනවල අසරණ දරුපවුලක් තමන්ට ඉන්න තැනක් නැති නිසා කලපුවේ කුඩා ගඟ අසල අටවාගෙන ඇති පුංචි පැල්පත් ඉවත් කිරිමට අධිකරණය හරහා පියවර ගෙන තිබේ.
වෙරළ මෙන්ම කලපු ඉවුරුද සුරැකිම් වැදගත්ය.එසේ නම් ඒ නීතිය සැමට පොදු විය යුතුය.

බිච් පාක් එකේ පිහිණුම් තාටකය වෙරළ සංරක්ෂණ නීතියට එකඟයිද ?

බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාගරික මන්ත්‍රිවරුන් පවසා සිටින්නේ මිගමුව බිච් පාක් එකේ ඉදිකර ඇති පිහිනුම් තටාකයද ඉතා පැහැදිලි ලෙසින් වෙරළ සංරක්ෂණ නීතිය උල්ලංඝනය කරමින් ඉදිකළ එකක් බවය. මෙම ඉදිකිරිම ආරම්භ කරන අවස්ථාවේදි මිපුර පුවත් පත එවකකට වෙරළ සංරක්ෂණයේ බලධාරින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි පැහැදිලිව කියා තිබුනේ පිහිනුම් තටාකයන් වෙරළ සිමාවේ ඉදිකිරිමට කොහෙත්ම අවසර ලබා නොදෙන බවය.

ෆෝට් සිටිය බිලිගත් නිවසේ හිමිකරුවන්ට කබලෙන් ලිපට දාපු වෙරළ සංරක්ෂණ ලොක්කෝ .


එවැනි තවත් ඉදිකිරිම් සිය ගණනක් මිගමුවේ තිබියදි ෆෝට් සිටිය නිසාය ඇතිවු වෙරළ ඛාදනයෙන් වෙරළ සංරක්ෂණය විසින්ම කරන ලද ලිඛිත දැනුම් දිමකට අනුව ඉම අවදානම් තැනින් ඉවත් වු දරුවන් 4 දෙනෙකුගෙන් යුතු පවුලගේ දැනට අටවාගෙන ඇති පැල තවත් සතියක් ඇතුලත අධිකරණය නියෝගයට අනුව බිමට සමතලා කර දමනු ඇත.

දූව ගමේ පුදුම ගංකාරයෝ

මේ කඩා දමන්නට උල්පන්දම් දුන් පුදුම ගංකාරයෝ ටික දෙනෙක්ද මිගමුව දූව ගමේ සිටින බව ගම්වාසිහු පවසති.
මේ පුදුම ගංකාරයන් සමිතිවල අනුශාසකකම් ඇතුලු තවත් බොහෝ තනතුරු දරන්නෝ බවද දූව ගම්වැසියෝ පවසා සිටිති.

ගමේ සියල්ලෝම එකෙන්ම අසරණ දරුපවුලක් රකින්නට පෙරට එති

එවැනි පස් හය දෙනෙකු පමණ නරුම ගංකාරයන් හැර අනෙකු සියලුම ගංකාරයන් මේ වන විට මේ දරුපවුලට සාධාරණයක් ඉටුකරන්නට යැයි කියා ගම වටා පෙත්සමක් අත්සන් කරගෙන යමින් සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article