spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සෞඛ්‍ය ලේකම් ධුරයට ජෙනරාල්වරයෙක්: මුදල් අමාත්‍යංශයටත් හමුදා ලොක්කෙක් සොයයි!

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන භද්‍රණී ජයවර්ධන වහාම ඉවත්කර මේජර් ජෙනරාල් සංජීව මුණසිංහඑම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ඒ, ජනාධිපති ලෙස ඔහුට පැවරී ඇති බලතල යටතේය.

එසේම, ඉදිරි දින කිහිපය තුලදී මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආරක්ෂක හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද වාර්තාවේ.

මේවනවිටත් රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානින් ලෙස හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් පත්කර තිබේ.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (මැයි 10) නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ, ජනාධිපතිවරයා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටින බවයි.

post vimuසමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටුවකි

කෙසේවුවද  මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි එම තනතුරින් ඉවත් නොකරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ සිය වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ මගින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි  පැවසේ.

 

මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ කව්ද ?

Sanjeewa munasinghe

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමට නියමිත මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ.

1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 1986 දී MBBS උපාධිය සම්පූර්ණ කළේය.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අතර, මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කරන ලදී.

ඔහු යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකල සේවය ඇගයීම වස් රණ වික්‍රම පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රි ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article