spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හමුදාවේ 100 ක් ආනන්දිගේ නිවස වටකරති….

Must read

අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. එම පහරදීමෙන් කිහිප දෙනකුටම බරපතල ලෙස තුවාල සිදුව තිබූ අතර තවත් කිහිප දෙනකුට පොලුවලින් පහර දීම නිසා බරපතල තත්ත්වයක පසුවෙයි. එම සිදුවීම සැලවී එතැනට පැමිණී පැෆරල් සංවිධානයේ සංවිධායකයෙක් වන නීතිඥ සුභාෂ් යන අයට ද එම ප්‍රහාරයට පැමිණී හමුදා පිරිස පහර දී තිබේ. එසේම එම සන්නද්ධ හමුදා පිරිස එම නිවසේ තිබූ වාහනවල ටයර් කපා ඒවාට ද හානි කර පළා ගොස් ඇ

එම ප්‍රහාරයට සීයයකට අසන්න සන්නද්ධ භට පිරිසක් පැමිණි බවත්, නිවසට ඇතුලු වූ ඔවුන් ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා අසමින් පහර දූන් බවත් පහර කෑමට ලක් වූ ආනන්දිගේ අධාරකරැවන් පැවසීය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ අය පැවසූවේ,

රාත්‍රී 09.30ට පමණ හමුදා භට පිරිසක් නිවස අසල රැදී සිටින බව අපි දැක්කා. පසුව දෙවන වතාවටත් 11.30ට පමණ තවත් භට පිරිසක් අප සිටි නිවස අසල සැරිසරන බව ට අපිට තොරැතුරැ ලැබුනා. ඉන්පසු එයින් දෙදෙනෙක් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුලු උනා. ඊට පස්සේ අපි ඔක්කොම නිවසෙන් එළියට ආපුවහාම ඒ භට පිරිස දුවන්න ගත්තා. පසුව 12.30ට පමණ වාහන කිහිපයක් නිවසේ ඉදිරපිට වාහන නවත්වන ශබ්දයක් අපිට ඇසුනා. ටික වේලාවකින් අපි රැදී සිටි නිවස හමුදා භටයින් විසින් වටලා ඇති බව අපිට තේරැනා. එම වටලා සිටි භටයන්ගෙන් පිරිසක් නිවසේ තාප්ප මත රැදීසිටි අතර තවත් පිරිසක් නිවස තුළට ඇතැලු උනා. ඊට පස්සේ අපි බයවෙලා අපෙන් කිහිප දෙනෙක් නිවසේ සිවිලිමේ හැංගුනා. නිවස තුල සිටි අනෙක් අපේ පිරිසට ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා පොලුවලින් අපට පහර දුන්නා. සිවිලීමේ හැංගිලා හිටපු අපේ කිහිප දෙනා හමුදාව විසින් බස්සලා පොලු කැඩෙනකන් පහර දුන්නා. ඒ ආපු හමුදාවේ අය ලග කඩු පවා තිබුණා. අපිට නිවස ඇතුලේ පහර දීලා පස්සේ එළියට ඇදගෙන ඇවිල්ලා පෝලීමට තියලා පොලුවලින්, කකුල් වලින් අපිට පහර දුන්නා. ඒ වගේම අපිට ඔවුන්ගේ තුවක්කු ඔලුවට තියලා පයින් හිටන් පහර දුනා. ‘වැල්ලවත්තේ කිරැළපනේ උඹලට ඉන්න පුලුවන් නම් ඇයි අපිට මෙහේ ඉන්න බැරි, උඹලට උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊලම් ඕනද?

එහෙම කියලා තමයි ඒ අය අපිට ගැහුවේ. යනුවෙන් පහර කෑමට ලක්වූ ආනන්දී සශීදරන්ගේ ආධාරකරැවන් අප වෙත පැවසීය.

එසේම පහර කෑමට ලක් වූ තවත් අයෙක් පැවසූවේ ඔහුගේ යතුරැ පැදියේ ටයරය කපා, ඔහු සිය යතුරැ පැදිය ලගට ගෙන්වා කෝ යකෝ මේකේ හුලං යන්නේ නෑනේ කියලා අසමින් බරපතල ලෙස පහර දුන් බවය. තවත් අයෙක් සදහන් කළේ මගේ කොන්ඩෙන් අල්ලගෙන ගේ වටේ ඇදගෙන යමින් පහර දුන් බවය. එසේම එම පහර දීමට පැමැණී භට පිරිස නිවසේ රැදී සිටි අයගේ ජංගම දුරකථන 07ක් ද රැගෙන ගොස් ඇති බව පහර කෑමට ලක් වූවන් පැවසීය.

පහරදීමට කිසියම් පිරිසක් පැමිණෙතැයි සැක සිතු නිසා ආන්නදි සශිධරන්ගේ අධාරකරැවන් පහරදීමට ප්‍රථම ආනන්දි සශීදරන් ව ආරක්ෂක ස්ථානයකට පිටත් කර හැරීම නිසා ආනන්දිගේ ජීවිතය බේරී අති බවද ඔවුන් පැවසීය.

මෙම මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාශ්‍රී දමිළ අන්තර්ජාල ​ රේඩියෝව සමග දුරකථනයෙන් සම්බන්ධවෙමින් ආනන්දි සෂීධරන් පවසා සිටියේ තම නිවසේ රැදී සිටි පිරිසට පහර දීමට පැමිණි පිරිස අතර හමුදාවේ පිරිස්වලට අමතරව ඊපීඩීපී සංවිධානයේ පිරිස්  ද වූ බවයි. මෙම පහර දීම සම්බන්ධව එම අවස්ථාවේදීම 119 පොලිස් හදිසි ඈමතුම් ඒකකයට දැනුම්දෙනු ලැබූවද පැමිණි නැත.

මේ අතර මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරන කැෆේ සංවිධානය පවසා සිටිනේනේ මැතිවරණ නිරීක්ෂකයන්ද 8 දෙනෙක්ද ඇතුලව දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුන්ට අද අලුයම  එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි.

එම සංවිධානයෙ විසින් යොමුකළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් සිද්ධිය වූ ස්ථානයට ලගා වන විටත් විශාල වශයෙන් හමුදා නිල ඇදුමෙන් සැරසුණු පිරිස් මාර්ගයේ  සිටි බවත් මැතිවරණයට පැය කිහිපයක් තිබිය දී යාපනයේ ස්ථාන කිහිපය වෙනදාට වැඩි හමුදා භටයින් සංඛ්‍යාවක් යෙදවීම පිළිබද කැෆේ සංවිධානයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.

එසේම හමුදා පිරිස්  තවදුරටත් කොළඹ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයේ යෙදී සිටින බවට ඈගයෙන ආකාරයක්ද එහි විය.

” මැතිවරණ ප්‍රචාරය සදහා නිල වශයෙන් ලබා දී තිබූ කාලසීමාව අවසන් වීමෙන් පසුව ‘කොන්ඩය කොටට කැපූ, එකම ගමන් විලාශයක් සහිත, සවිමත් සිරුරු සහිත පිරිස් යාපනය, කිලිනොච්චිය හා මුලතීව් හා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ අවස්ථා 18 ක් පිළිබද ඊයේ (සැප්. 19) කැෆේ සංවිධානයට වාර්තා විය.”

මෙම පහර දීමට 40 කට වැඩි හමුදා නිළ සහ ඊපීඩීපී සංවිධානයේ පිරිස් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

vanni post ඇසුරෙනිananthi_attacked anadi

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article