spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හයිබ්‍රිඩ් සුද්දා එක්ක හවුලේ කුඩු බිස්නස් කළ බන්ධනාගාර නියාමක හසු වේ

Must read

දෙමටගොඩ හයිබ්‍රිඩ් සුද්දා සමඟ එක්ව මත්කඩු ජාවාරමේ යෙදුණු කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ නියාමකවරයකු මත්කුඩු ග්‍රෑම් 94, මිලිග්‍රෑම් 293ක් සමඟ දෙමටගොඩ සහස්පුර නිවාස යෝජනා ක්‍රමයේ සැකකරුගේ නිවෙසේ දී පෙරේදා (27) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.

මතට ඇබ්බැහි වී සිට බන්ධනාගාරගත වූවන්ට මේ සැකකරු මත්කුඩු රැගෙන ගොස් විකිණීමේ ජාවාරමක යෙදී සිටි බවට හෙළිව ඇත.

මේ අනුව දෙමටගොඩ හයිබ්‍රිඩ් සුද්දා සමඟ එක්ව මොහු මේ ජාවාරම සිදු කළ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ හයිබ්‍රිට් සුද්දා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් වරයකුට ලද තොරතුරකට අනුව ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි හයිබ්‍රිට් සුද්දාගේ අනියම් බිරිය හෙරොයින් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ඇගේ තිසර පට තුළ සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් 02 මිලිග්‍රෑම්150ක් සමඟ ඇගේ නිවෙසේදී සැකකාරිය අත්අඩංගුවට පත්ව තිබිණි. මේ සැකකාරියගෙන් ලද තොරතුරු ඔස්සේ සිදු කළ විමර්ශන අනුව සැකකාර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් සමඟ ගනේමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් 28 හැවිරිදි කාන්තාව ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ නව නිවෙසක් ඉදිකරමින් සිට ඇති අතර සැකකාරිය කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 28ක මුදල් තැන්පතුවක් සහිත බැංකු ගිණුමක් පිළිබඳ තොරතුරුද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

හයිබ්‍රිඩ් සුද්දාගේ මත්කුඩු ජාවාරමෙන් ලැබෙන මුදල් මේ කාන්තාවගේ ගිණුමට බැරවී ඇතැයිද, එම මුදල්වලින් ඇය පර්චස් 18ක්වූ ගණේමුල්ල ගලහිටියාවේ නව නිවෙස ඉදිකළ ඉඩම රුපියල් ලක්ෂ 27 කට මිලට ගෙන ලක්ෂ 22ක වියදමින් එම නිවස අඩක් නිමකර ඇති බවට හෙළිව ඇත.

මේ සැකකාර කාන්තාව හෙළි කර ගත් තොරතුරු අනුව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි හයිබ්‍රිඩ් සුද්දාගේ කුඩා කළ පටන් මිතුරෙකු බව කියන මෝහන් නැමැති සැකකරු මත්කුඩු ග්‍රෑම් 05, මිලිග්‍රෑම් 300ක් සමඟ දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව ඊයේ එම කණ්ඩායමේම අයකු වන සැකකාර බන්ධනාගාර නියාමකවරයා පෙරේදා (27) අත්අඩංගුවට ගෙන තිබිණි

පසුගිය 2018/08/16 වනදා පාදුක්ක ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදී මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී හයිබ්‍රිට් සුද්දා පොලිස් අත් අඩංගුවට පත්විය.

බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ බස්නාහිර, උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඕ.කේ.ටී. නානායක්කාර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති නිලධාරීන්ගේ උපදෙස් මත උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, පොලිස් සැරයන් වරුන් වන46671 සම්පත්, 41291 මංජුල,

පොලිස් කොස්තාපල් වරුන් වන 73380 අමිල, 85009 වීරවංශ, කාන්තා පොලිස් කොස්තාපල් 89943 ප්‍රදීපා නිලධාරීන් මේ වැටලීම් සිදුකර ඇත.

මේ සැකකරුව

න් තිදෙනා අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article