spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැදෙන වලවල් සහ හදන වලවල් තුළින් සංවර්ධනය වන මීගමුවේ මාර්ග පද්ධතිය

Must read

IMG-20190905-WA0007

මීගමුව  නගරයේ  වලවල්  ,  කානු  ආදියේ  පවතින  කැඩුම්  බිඳුම්  කඩතොළුවීම්  නිසා  අනතුරුදායක  තත්වයන්  සහිත  ස්ථාන  විශාල  ප්‍රමාණයක්  දක්නට  ඇත.  අනතුරක්  සිදුවීමට  ඉතා  කුඩා  වලක්  හෝ  කානුවක්  වුවද  ප්‍රමාණවත්ය.  සති  කිහිපයකට  පෙර  දළුපත  පිල්ලෑව  පාරේ  මැද  තිබුනු  වලක්  නිසා  ප්‍රදේශවාසීන්  දැඩි  අපහසුතාවයකට  පත්විය.   කුඩාවට  තිබුණු  මෙම  වල  ක්‍රමයෙන්  විශාල  ‍වූ  අතර  අපගේ  වෙබ්  අඩවියේද  මේ  ගැන  ලිව්වෙමු.  පසුව  මීගමුව  නගරසභාවෙන්  පැමිණ  මෙහි  තිබුණු  වතුර  ඉවත්කර  පැලැස්තරයක්  දමන ලදී.  නමුත්  ඉතා  කෙටිකලකින්  මෙකී  පැලැස්තර  ගැලවෙන්නට  පටන්  ගෙන  නැවතත්  කුඩා  වලවල්  හැදෙමින්  තිබුණු  තත්වයටම  පත්වෙමින්  ඇත.IMG-20190905-WA0002

පාංකඩ  හංදියේද  මෙවැනිම  අත්දැකීමකි.  මෙය  හතරමංහංදියකි.  මෙහි  තදබදය  ඇති  අවස්ථාවලදී   පොලිස්  නිලධාරියෙක්  පැමිණ  වාහන  හසුරුවන්නේ  මෙහි  ඇති  තදබදය  නිසාය.  මෙහි  අඟුරුකාරමුල්ල  පංසලට  හැරෙන තැන  ගොඩනැගිලි  ද්‍රව්‍ය  වෙලඳසැලකි.මෙම  ස්ථානයේ  ඇති  කානුවේ  දමාඇති  කොන්ක්‍රීට්  ලෑල්ල  කැඩී  කානුවට  වැටී  ඇත.  ඒ  ගැන  මෙම  ගොඩනැගිලි  ද්‍රව්‍ය  වෙළඳසැලේ   අයිතිකරුගෙන්  විමසූ  විට  ඔහු  ප්‍රකාශකළේ  මෙවැනි  අදහසකි.IMG-20190905-WA0004

“මේක  නිතර  සිද්ධවෙන  දෙයක්.  මෙතනින්  අඟුරුකාරමුල්ල  පංසල  පැත්තට  ට්‍රිපර්  එකක්  හරවන  හැම  මොහොතකම  මේ  ලෑල්ල  කැඩිල  කානුවට  වැටෙනවා.  නැවත  සැරයක්  ලෑල්ල  හදල  දානවා.  නැවත වැටෙනවා.  මේක  හෝද හෝද  මඩේ දානව  වගේ  වැඩක්”

මෙවැනි  කුඩාවට  පෙනෙන  ස්ථාන  මරුකැඳවන  අවස්ථා  අප  මීගමුවේදීම  දැක  ඇත්තෙමු.  මුන්නක්කරය  ප්‍රදේශයේ  තරුණයෙකු  තලාදූව  පාරේ  ලයිට්  කනුවක  හැපී  මියගිය  පුවත  කණ  වැකුනු  මොහොතේ  අප  එම  ස්ථානයට  ගියේ  මෙම  ස්ථානයේ  පවතින  තත්වය  විමසා  බැලීමටය.  මෙහිදී  දකින්නට  තිබුනේ  එම  ලයිට්  කනුව  අසල  විශාල  ලෙස  කැඩී  බිඳී  කඩතොළුවී  ඇති බවය.  මෙම  තරුණයාගේ  මරණයට  එයද  එක්  සාධකයක්  වී ඇති බව  එවිට  වටහා   ගත හැකිවිය.

මෙය  ස්ථිර  වැඩපිළිවෙලක්  නැතිකමේ  ප්‍රතිඵලයකි. එසේම  මේ  සඳහා  ලැබෙන  පිළිතුර  වන්නේ  ප්‍රතිපාදන  නැතිකමය.  නමුත්  මීගමුව  නගරසභාව  වෙනත්  අදාල  නොවන  කටයුතු  සඳහා   වැයශීර්ෂ  වෙන්කරන  ආකාරය  අපි  අසා  ඇත්තෙමු.  ඒ  නිසා  පොදු ජනතාවගේ  පැත්තෙන්  සිතා  මෙලෙස  මතුවී  ඇති  පොදු  ප්‍රශ්ණ  සඳහා  ස්ථිර  වැඩපිළිවෙලක්  යෙදිය  යුතු යැයි  අප  අවධාරණය  කර  සිටින්නෙමු.IMG-20190905-WA0007

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article