spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැමෝම දන්න පාසිකුඩා වල කවුරුත් නොදන්න Elephant Rock !

Must read

පාසිකුඩා කියූ පමණින් අප හැම දෙනාගේම මතකයට නැගෙන්නේ  සුන්දරත්වයෙන් පිරුණු මුහුදු තීරයක්.
පාසිකුඩා වෙත විනෝද චාරිකා යන හැම දෙනාම පාහේ තමන්ගේ විඩාව නිවා ගැනීමට ගොඩවන්නේත් බොහෝවිට පාසිකුඩා වෙරළ තීරයට පමණයි.
නමුත් අප මේ උත්සහ ගන්නේ තවමත් බොහෝ සංචාරකයින්ගේ ඇස නොගැටුන පාසිකුඩා වෙරළ තීරයේ සිට වම් පසට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටි ඉතාමත් දර්ශණීය, කාගේත් සිත් ඇදගන්නා සුළු ගල්පර වලින් වටවූ සුන්දර මුහුදු තීරයක් වෙත ඔබගේ අවධානය යොමු කරන්නටයි.DSC_1217

මෙම ගල්තලාවේ ඉහලම කොටසේ පිහිටි අලියෙකු හැඩැති පර්වතය නිසා මේ ස්ථානය කවුරුත් හදුන්වන්නට පුරුදුව ඇත්තේ  ” Elephant Rock ” ලෙසයි.
මේ ගල්තලාවේ මුදුනට නැගීම මදක් අසීරු වුවත් අමාරුවෙන් හෝ එය තරණය කරන්නෙකුට ගල්තලාව මුදුනේදී දැකගත හැකිවන්නේ එය වටකරගෙන සිටින මුහුදු තීරයයි.
එම දර්ශණය කාගේත් නෙත් සිත් පිනවන දර්ශණයක් වනවාට කිසිදු සැකයක් නැහැ.DSC_1006DSC_1180

උදේ කාලයේ වගේම දහවල් කාලයේදීත් පවතින අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරු වූවත් සවස් කාලයේදී ඉර බසින දර්ශණය නරඹන්නටත්,
තමන්ගේ විඩාව නිවාගැනීමටත් මේ ස්ථානය කදිම බව කිසිදු සැකයකින් තොරව ඔබට කියන්න පුළුවන්. නමුත් මේ ස්ථානය දියනෑම සදහා නම් එතරම් ගැලපෙන්නේ නැහැ. ගල්තලාව අවට මුහුද ගැඹුරු වීමත් , රැල්ල මේ ස්ථානයේදී  සැරවීමත් නිසා කිසියම් අවධානම් තත්වයක් ඇතැයි පෙනේ . ඒ නිසා ප්‍රවේශමෙන් මේ ස්ථානයට ලගා වන අය මේ ස්ථානයේ සුන්දරත්වය විදීමේදීත් ටිකක් පරිස්සම් වීමද වැදගත්.

ඒ වගේම තාමත් වැඩි  දෙදෙනෙකුගේ  ඇස නොගැටුන නිසා මේ ස්ථානයේ පරිසර පද්ධතිය නම් තාමත් ආරක්ෂිතව පවතිනවා. ඒ නිසාම මේ ස්ථානය නරඹන්නට යන සෑම දෙනාගේම යුතුකම වන්නේ. මෙහි පරිසරය විනාශ නොකොට ආරක්ෂා කිරීමයි.
මිතිලායා ගමගේ

DSC_1184DSC_1181

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article