spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හුලං අත බලා රුවල දාන නිමල් ලංසා මේපාරත් ගොඩ යයිද ?

Must read

LANSA SARATHනිමල් ලංසා ස්මාට්ය.
ඒ ඇදුමෙන් පැළදුමෙන් හෝ කෑමෙන් බිමෙන් පමණක් නොවේ .දේශපාලනයේ දි ඔහු තරම් ස්මාට් හාදයෙකු මේ පළාතේ නැති තරම්ය.
පක්ෂය මාරු නොකොට තමන් හරි යැයි පිළිගත් ප්‍රතිපත්ති මෙන්ම තමන්ගේ නායකත්යටද සැමදා ගරු කළ සරත් ගුණරතන්නට දැන් කෙළවෙන්නට ඔන්න මෙන්නය.
රුපියල් ගණන් වලින් සැසැදුවොත් හම්බ කිරිම් වෙනුවෙන් වංගු ගැසුවන් අතර ලංසාට තරගයක් දිය හැක්කෙකු ඇතිනම් ඒ නාමල් රාජපපක්ෂ පමණි.
ඒ ඔහුගේ සියලු වංගු ආර්ථික කටයුතු ලෙහෙසින් අල්ලා ගැනිමට නොහැකි අයුරින් ගාණට කිරි මැන බලා සියළු නීතිවලින් වහංගු වෙමින් සිදු කර ඇති නිසාය.
මේ ගණුදෙනුවලදි සහයට ඩැනි කෙනෙකු වන්නේ ඔහුගේ අති ජාතික ව්‍යාපාරික මිතුරෙකු වන බොරළු සමන්තය.
එපමණක්ද නොව නිමල් ලංසා මැණික් පතල් පවා අතපත ගෑවේ ඔහුගේ වංගුවලට කවර් එක දාගැනිමටය.
දැන් ඔහුගේ පිළිතුර වන්නේ තමන්ගේ කරන්නේ බයින් ඇන් සෙලින් බවය.
ඒ ගණුදෙනු බොහොමයක් කරන්නේ සුද්දන් සමගින්ය.
ඒ සියල්ල හරහා ඔහු පෙන්වා සිටින්නේ තමන් ප්‍රකෝටිපතියෙකු වි ඇත්තේ මේ ව්‍යාපාරික ගුණුදෙනු හරහා බවය.
ඒ සියල්ල එසේ වන කළ  දැන් සරත් ගුණරත්නට එරෙහිව දැවැන්ත මුල්‍ය චෝදනාවක් විමර්ශනයට ලක්වෙමින් තිබේ.
බැලුබැල්මට ඔහුට ඒ සදහා සිය අනාගත දේශපාලන ජිවිතයෙන් පවා වන්දි ගෙවිමට සිදුවනු ඇත.
ඒ රාජ්‍ය මුදල් පැහැදිලි ලෙසින් දේශපාලන අරමුණක් සදහා භාවිතා කර ඇති බවට දැනටමත් ප්‍රමාණවත් සාක්ෂි සහිතව ඔප්පුවිමට නියමිතව ඇති බැවිනි.
ඔහුව ගලවා ගැනිමට රාජපක්ෂලාට පවා කළහැකි කිසිවක් දැන් නැති ගානය.
අප ලංසා ස්මාර්ට් යැයි කියන්නේ ඒ නිසාය.එපමණක්ද නොව ජෙයරාජ්ගෙන් දේශපාලන අත්වැල් අල්ලාගෙන පැමිණි ලංසා ඔහුගේ වියෝවෙන් පසු තම ස්වාමියා අතහැර අත්වැල් බැදගත්තේ තම ස්වාමියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජපපක්ෂ පක්ෂ පවුලේ එක් ප්‍රබලයෙකුගේය.
ජනාධිපතිවරණයේ පරාජයත් සමගින් ඔහු කල් යල් බැලුවේ හුලං හමන අත ස්ථිර කර ගැනිමටය.
පසුව ඔහු කෝකටත් කියා මෛත්‍රිට සුභපතා මීගමුව පුරාම පෝස්ටරයක් ඇලවිමටද කටයුතු කළේය.
එමෙන්ම රාජිතගේ අත්වැල් අල්ලාගෙන මධ්‍යම කාරක සභාවට පවා පැන්නේය.තමන් මෛත්‍රිට කිකරු බව පෙන්වන හොද ලමයෙකු යැයි පෙන්වා සිය දේශපාලන ජිවිතයේ ලොකුම බලාපොෙරාත්තුව වු ආසන සංවිධායකධුරයක්ද ලබාගත්තේය.
එහෙත් යළිත් රුවලේ අත වෙනස් කරගත්තේ මහින්දගේ සුළග හමන අත ගැන  ගණන් බලාය.
ඒ නිසා ඔහු ගම්පහදි රාජපක්ෂ වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන අවංක සෙබළාගේ චරිතයට ඇන්දේ තමන්ට දේශපාලනට ඒමට අත්වැල සැපයු ස්වාමියාගේ කණවැන්දුම් බිරිදට පවා කෙළවනවා යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමිනි.
එනම් සුදර්ශණි යනු මෛත්‍රිගේ ජොකියෙකු යැයි කියමින් ඇය මනාප සටනින් පැරදිවිමට ප්‍රසිද්ධියේ සැලසුම් කළේය.
දැන් සියල්ල අවසන්ය.
තමන්ගේ ගණන් බැලිම් සියල්ල වැරදි යැයි තේරුම්ගත් පසු දැන් ඔහු මානබලන්නේ යළිත් මෛත්‍රි සරණ යැමටය.
ඒ අනාගතය වෙනුවෙන් මුදල් හම්බ කිරිමට සදහා දේශපාලනය ඉස්සහරට දාගන්නටය.අඩුම තරමින් පශු පාලන නියෝජ්‍ය ඇමතිධුරයවත් ලබාගන්නට ඔහු කල්පනා කරනවා විය යුතුය.
ඒ හරක් බලාගන්නට නම් නොවන බව දැන් ඔහුගේ ඡන්ද දායකයා පවා හොදින් දනි.
ඉතින් අපි බලාසිටිමු……

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article