spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෆෝට් සිටිය නිසා ,නොගැඹුරු මුහුදේ මාළු නැහැ..

Must read

නොගැඹුරු වෙරළාසන්න මුහුදේ රැකියාව කරන තලාහේන වෙරළ තීරයේ ධීවරයෝ පවසන්නේ චීනාගේ පෝට් සිටියට මුහුදෙන් වැලි ගැනීම ඔවුන්ගේ එදිනෙදා රැකියාවට ඉතා තදින් බලපා ඇති බවය. ” මුහුදු පතුලෙන් අසීමිත ලෙස වැලි හාරන විට මුහුදේ මහා වලවල් (ආඝාධ) ඇති වෙනවා. නියත වශයෙන්ම ඒ වළවල් පිරෙන්නේ වලවල් ආසන්නයේ ඇති සීමිත වැලි ඒ දෙසට ඇදී යාමෙනි. මේ නිසා මුහුදු පතුලේ ගල්පර මතුවෙනවා.එහෙම වුනහම මාළු/ඉස්සෝ / කකුළුවෝ එම ගල්පර වලින් මෙපිටට එන්නේ නැහැ. ඒ නිසා වෙරළට ආසන්න නොගැඹුරු මුහුදේ දැන් මාළු ගැවසෙන්නේ නැහැ. ඈත දියඹට යන්න තරම් හොද බෝට්ටු අපිට නැහැ. අපට දැන් අපේ පවුල් ජීවත් කරන එක ලොකු ප්‍රශ්ණයක් වෙලා.” තලාහේන පාරම්පරික සුළුපන්න ධීවරයෝ පවසති.

මේ තත්වය ඇතිවන බව චීනාගේ පෝට් සිටියට මුහුදෙන් වැලි ගැනීම සැලසුම් කල අවස්ථාවේම ධීවරයෝ පැවසූහ.එහෙත් ධීවරයාගේ ජීවිත අත්දැකීම් පදනම් වූ පාරම්පරික ඥානයට වඩා පොතේ පතේ දැනුමෙන් ඉදිරිපත් කරන න්‍යායාත්මක මතයන් පදනම් කරගෙන පාලකයෝ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරති. මේ ඊනියා සංවර්ධනය නියත වශයෙන්ම මහා විනාශයකින් කෙළවර වන බව දැන් හොදින්ම පැහැදිලිය.

Colombo-Port-City

Port-City

DSC_9921

(අරුණ ශාන්ත නෝනිස් – අශානෝ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article