spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‍රට යවනවා කියලා බොරු කරන හොරු දැන් හැමතැනම…??

Must read

ලංකාවේ තත්වය ගැන කළකිරුන විශාල පිරිසක් මේ වන විටත් රටහැර යන්නට තිරණය කර ඇති බව ඉතා පැහැදිලිය. පසුගිය දිනවල නව ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනිමට විශාල පිරිසක් කටයුතු කරමින් තිබිම මෙයට ඉතා හොද උදාහරණයකි.
මේ අතර රට යෑමට උනන්දුවක් වැඩිවි තිබිමත් සමගින්ම රට යැවිමට උනන්දුවන එජන්සි මෙන්ම තැරැව්කරුවන්ද දිනපතා වැඩිවෙමින් තිබේ.
මේ අය අතර හොර තැරැව්කරුවන්ද දැන් එමටය.
එවැනි ජාවාරම්කාර අඹුසැමි යුවලක් අත් අඩංගුවට ගැනිමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ස ඉකුත් 18 වෙනිදා සමත් වී තිබුණි.

කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරී වලින් පසුව උපාය දූතයකු මාර්ගයෙන් ජාවාරම්කාර යුවළ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගෙන්වාගෙන ඇති අතර එහිදී සිදුකරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව කාර්යාංශ නිලධාන් විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිස් ස්ථානය වෙත ඉදිරි පත්කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පසුව අදාළ යුවළ කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දුන්නද එකී ඇප කොන්දේසි සපුරාලිමට ජාවාරම්කාර යුවළට නොහැකි වු බැවින් මෙම මස 29 වෙනිදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලදි. තවද මෙම විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකාර යුවළ වෙත විදේශ ගමන් තහනමක්ද අධිකරණය මගින් පනවන ලදැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඉහත ජාවාරම්කාර යුවළ කුරුණෑගල ප්‍රදේශයේම විදේශ රැකියා බලපත්‍රලාභයකුගෙන් කම්කරු බලපත්‍රයක් ඇටෝර්නි බලපත්‍රයක් මත පවරාගෙන මෙම ජාවාරම සිදුකොට ඇති අතර එකී කම්කරු බලපත්‍රය කල් ඉකුත් වි ඇති බව අණාවරනය වේ.

තවද එලෙස බලපත්‍රයක් පැවරීමට කටයුතු කළ බලපත්‍රලාභියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදන පරිදි කටයුතු කොට අදාල කම්කරු බලපත්‍රය අහෝසි කිරීමට කාර්යාංශය විසින් ඉදිරියේදි ක්‍රියාමාර්ග ගැනිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article