spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘රාමසාන් අවුරුද්ද අපට අලුත් ආරම්භයක් ‘

Must read

මුස්ලිම් බැතිමතුන් ඉස්ලාම් දහමේ තිබුණු කරුණු කාරණා අනුව ඔවුන්ගේ යුතුකම්, ලෙස පුරා මාසයක් උපවාසයේ යෙදෙමින් එම ශීලය රකිමින් රාත්‍රියේ ශුද්ධවූ කුරාණය පාරායනය කරමින් රාත්‍රියේ නැමදුමේ ⁣ යෙදෙමින් ශුද්ධවු කුරාණයේ සඳහන් පරිදි එම රාමසාන් මාසය ඉතා උසස් කොට තකමින් අද දවසේ එනම් 10/04/2024 දින ඊ-දුල්-ෆිතර් උත්සවය සමරයි. මේ අනුව සියලු මුස්ලිම්වරුන් ශුද්ධ වූ කුරාණයේ සඳහන් පරිදි ගෙවී ගිය ශුද්ධ වූ මාසය දුසිරිත් වලින් තොරව කෙලෙස් වලින් තොරව ඉතා ත්‍යාගශීලීව ආචාරශීලීව භක්තිමත්ව කුසල් කර්මයේ යෙදෙමින් එම ශීලය ආරක්ෂා කළහ. උදෑසන සිට සවස දක්වා නිරාහාරව සිටිමින් දන්දීම සහ අනෙකුත් දුප්පත් ජනතාව වෙනුවෙන් ශුද්ධවු අල්ලා දෙවිඳුන් අණ කල සියලු දේ, සහ ගරු නබිතුමා විසින් පැවසූ සියලු කටයුතුවල යෙදෙමින් ද යම් පරිවර්තනයක් ඔවුන්ගේ ජීවිත තුළ ලබා ගැනීමට ගත් එක්තරා ප්‍රයත්නයක් සම ක්‍රමවේදයක් ලෙස පසුගිය ශුද්ධ වූ මාසය තුල සිදුකළ විශේෂ සද් ක්‍රියාවන් හඳුන්වාදීමට හැකිය. . එලෙසම ශුද්ධවු කුරාණයේ සඳහන් පරිදි තුළ මිනිසා යහපත් පුරවැසියෙක් බවට පත්වී ඔහුටත් ඔහුගේ සිය පවුලටත් පවුලේ සියලු සාමාජිකයන්ට හා සමාජයටත් සියලු ලොව වැසියාටත් කළ හැකි සියලු දේ කළ යුතුයි.එය කුසල් කර්මයක් වන්නේය.ඒ සඳහා වූ ඔවුන්ව පුහුණුවීම් සහ හැඟීම් වලට වහල් නොවී ධර්මයන් තුළ මමත්වයෙන් තොරව ආඩම්බරකම මසුරුකම සහ අනෙකුත් දුසිරිත් වලින් ඔවුන් ආරක්ෂාවී යහපත් පුරවැසියන් බවට පත්වීමද මෙම උපවාස ශීලය ආරක්ෂා කිරීම තුළ විද්‍යාමාන වන ප්‍රධාන කාරණාවේ. ෂෞවාල් දින සඳ දර්ශනය වීමත් සමගම උපවාස කාලය අවසන් වේ.පසුදින නැමදුමි උත්සවය වන ඊ-දුල්-ෆිටර් ලෙස හඳුන්වන උත්සවය ඒ අනුව අද දින පවත්වන ලදී. ඊ-දුල්-ෆිටර් සලාතය නම් නැමදුමෙන් පසුව ඔවුන් එකිනෙකා වැළඳගෙන ඔවුන්ගේ සම්බන්ධතාවයන් සුහදතාවය මිත්‍රත්වය මෛත්‍රිය කරුණාව දයාව ඇති කරගනිමින් ඔවුන් ඔවුන් අලුත් කරගන්නා සේම ඔවුන්ගේ තිබුණු පැරණි කෝප්පයන් සහ අනෙකුත් දේ තුරන් කර නව ජීවයක් සමගින් ජීවිතයේ පරිවර්තනමය වෙනසක් ඇති කරගනී

එමෙන්ම මුස්ලිම් සුසාන භූමියට ගොස් ඔවුන්ගේ මියැදුණු ඥාතීන් සහ දෙමාපියන් වෙනුවෙන් වියෝ වූ සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ට ඔවුන් බලාපොරොත්තු වෙන ස්වර්ගය ලබාදෙන්නැයි ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරන කටයුත්තට පසු ආහාරපානවලින් දන්දීම සිදු කරනු ලබයි.

M.S.S. සුජායිල් මුනියර්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article