spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”3 වන වතාවටත් ඈ මාගේ කෙටි චිත්‍රපටයකට සම්මානයක් රැගෙන ආවා”

Must read

shortfilm1
රොමේනියාවෙ පැවැත්වූ 12 Moths Film Festival 2019 චිත්‍රපට සම්මාන උළෙලේදී රෙෂාන් ප්‍රනාන්දුගේ 8 වන කෙටි චිත්‍රපටය වූ Untold Thoughts හෙවත් “නොකියූ සිතුවුලි” කෙටි චිත්‍රපටය සදහා එහි රගන මාර්ලෝ ත්‍රොපේ (Marlo Tropée) ළමා රංගන ශිල්පිණිය හොදම නිලිය සදහා වන සම්මානය දිනාගැනීමට සමත්වුනා.

මෙය ඇයගේ පළමු චිත්‍රපටය වන අතර රෙෂාන් ප්‍රනාන්දු ඇය හදුන්වාදෙන්නේද මෙම චිත්‍රපටයෙන්ය. කුඩා හොල්මන් දැරිවියකගේ චරිතයට පණපොවන ඈ කිසිදිනෙක හොල්මන් චිත්‍රපටයක් හෝ දැක නොමැතිවත්, චරිතයට අනුව කිසිදු දෙබසක් හෝ නොමැතිවත් ඈ මෙහිදී විශිෂ්ඨ රංගනයක නිරතවීමෙන් අනෙක් දක්ෂ සියලු වයස්පරතර වල රංගන ශිල්පීන් අභිබවා ජය ගැනීමට හේතු වූ බව සම්මාය ලබාගැනීමෙන් පෙනී යනවා.

මෙය රෙෂාන් ප්‍රනාන්දුගේ කෙටි චිත්‍රපට සදහා පිට පිට ලැබූ තෙවන හොදම නලුවා/නිළිය සම්මානයයි. අනුපිලිවෙලින් ගත්විට එලී තොමසීනී (Elie Tommasini) – Gloomy Boy කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොදම නලුවා සම්මානය ද, නිල්ස් බෙන්තෝ කොනල්ට් (Nils Bento-Connault) – A Gold Star Kid චිත්‍රපටය සදහා හොදම නලුවා සම්මානයද පසුගිය වසර වලදී දිනාගත්තා.

මේ අතර ඔහුගේ මේවනවිට අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලවල් කීපයක තරග වදිමින් තිරගතවන Be a Buddy Not a Bully හෙවත් “නොව හතුරු වෙමු මිතුරු” කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පන පොවන්නේ ඇයයි.

එමෙන්ම 2020 වසරේදී එලිදැකීමට නියමිත අනාගත ලොව දකින කාලගුණ විපර්යාස පිළිබදව වැදගත් පණිවිඩයක් ඔස්සේ කතාකරන ZELA “සෙලා” රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටි චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට පණපොවමින් මාර්ලෝ ත්‍රොපේ අති විෂිශ්ඨ රංගනයක නිරතවන බව අපට දැනගන්නට ලැබෙනවා.

ඉදිරියේදී ඈ තවත් ප්‍රංශ හා ජාත්‍යන්තර නිර්මාණ කීපයකට දායකවන්නට නියමිතයි.

shortfilm2

shortfilm3

shortfilm4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article