ගුවන්තොටේදි ගැස්සුන කුස් ගණුදෙනුවේ මහමොළකරු කව්ද?

0
262

රුපියල් කෝටි දොලහක් වටිනා
” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත ”
( Red Channel ) ඔස්සේ , පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු 05/19 දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් තිදෙනා කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි දියණිය , සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවන් වේ .

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ , මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 ක ප්‍රමාණය , සූක්ෂම ලෙස සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ තිබේ .

ඉන්පසුව එතැන් සිට  05/19 දින රාත්‍රී 06.30 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ
6 ඊ. – 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා ගනනාවකදීම , මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් , රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබූණි .

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා රැගෙන ආ කාන්තාවන් තිදෙනා , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිර්මෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් පහත පුද්ගලයින් දෙදෙනා කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට අධාර අනුබල දීම යටතේ ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේ පිටත ආලින්දයේ දි අත් අඩංගුවට ගෙන ඇත.

01 වන සැකකරු –

නම – මොහමඩ් ඔප්ෆාර්දීන් මොහමඩ් ඉහ්සාන්( මුස්ලිම් කොංග්‍රස් මිගමු පළාත් පාලන අපේක්ෂක )

ලිපිනය – නො 98/A, ජුම්මා මස්ජිත් මාවත, පෙරියමුල්ල, මීගමුව

02 වන සැකකරු

නම – මොහමඩ් ජිෆ්රි මොහමඩ් උස්මාන්

ලිපිනය – නො 120, මිරිගම පාර, මීගමුව

මේ අතර දැන් කාගේත් අවධානය යොමුව ඇත්තේ ගුවන් තොටේදි ගැස්සුන කුස් ගණු දෙණුවේ මහමොළකරු කව්දැයි කියන ප්‍රශ්ණයයි.

දැනට මේ සම්බන්ධයෙන් පවතින කසුකුසුවට අනුව මෙහි මහමොළකරු මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට යම් සැකයක් පවති.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here