වසර 7 ක අඛණ්ඩ අරගලයක් …

0
55

පාස්කු ප්‍රහාරය කාට අමතක වුනත් හැම මාසෙකම 21 වෙනිද⁣⁣ට කටුවාපිටියේ බාල්දි හංදියට එකතුවෙන මේ කුඩා පිරිසට අමතක වුනේ නැ.

මේකේ නඩේ ගුරා බ්‍රිටෝ කියන්නේ අත්නොහැර අරගලයක් අල්ලන් ඉන්න පුලුවන් මිනිහෙක්.

රංජිත් ලයනල්, රොෂේන් චානක වෙනුවෙන් වු මහපාරේ සැමරුම් අරගල දිගටම යන්න පුලුවන්.වුනේ බ්‍රිටෝ වගේ චරිත වල තිබුන මේ සටන්කාමි ජිව ගුණය හින්ද.

පල්ලිය හරිය⁣ අවුරුද්දට සැරයක් ගන්න මංගල්‍යයක් ගානට දැන් පාස්කු ප්‍රහාරයත් දාගෙන.

කාර්දිනල් හිමියන් කලින් කල දේශපාලකයන්ගේ ඔඩොක්කු වලට වැටෙන ගානට වැඩේ අලකරගත්තු හින්ද මේ වන විටත් දැඩි විවෙිචන වලට ලක්වෙන්න වෙලා.

බලය ගන්න කම් බාල්දිහංදියට ආපු මාලිමා සගයන්ටත් දැන් බාල්දි හංදිය අමතක වෙලා හුඟක් කල්.

මේ ඝාතනයට ලක්වෙච්ච අය වෙනුවෙන් වු අව්‍යාජ අරගලය දිගටම පවතිවි.සමහර අය⁣ට පාස්කු ප්‍රහාර මාධ්‍ය සංදර්ශනයට තවත් එක් මාතෘකාවක් පමණක් වෙන්න පුලුවන්.

  1. නමුත් යුක්තිය වෙනුවෙන් නැගෙන මේ ඇත්ත හඬ ටික දෙනෙක් හරි ඉස්සරහට අරන් යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here