භූමිතෙල් මිල යළිත් රු. 12කින් ඉහළට – “සහනාධාර පොරොන්දුවට මාස දෙකයි, තාමත් නෑ” ධීවරයෝ මැසිවිලි නගති
භූමිතෙල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රු. 10කින් ඉහළ දැමීමත් සමඟ දැන් ලිටරයකට රු 265 ක් ගෙවන්නට සිදුව තිබේ.
මේ හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
මීගමුව ධීවරයින් පවසන්නේ, භූමිතෙල් මිල දිගින් දිගටම ඉහළ යන නමුත් රජය පොරොන්දු වූ සහනාධාරය මාස දෙකක් ගතවීත් තවමත් නොලැබී ඇති බවයි.
“එන්ජින් බෝට්ටු දුවන්නෙ භූමිතෙල් වලින්. මිල වැඩි වෙනකොට අපිට මුහුදු යන්න බෑ. දවසේ කුලියවත් හොයාගන්න බැරි තත්ත්වයක්. ආණ්ඩුව සහනාධාරයක් දෙනවා කිව්වාට මාස දෙකක් තිස්සේ සත පහක් ලැබුණේ නෑ,” යැයි මීගමුව ධීවර සංගම් නායකයෝ කියා සිටිති.
මිල වැඩිවීම හේතුවෙන් දෛනික ධීවර කටයුතු අඩාල වීමට ඉඩ ඇතැයිද ඔවුන් පවසති.
මේ දිනවල කුඩා බෝට්ටු වලට වැඩිපුරම අහුවෙන්නේ හාල්මැස්සෝ.අපේ බෝට්ටුව පිරෙන්නම අපට හාල්මැස්සෝ වැටුනත් හිතේ සතුටක් නැ.මොකද හාල්මැස්සන් ලාබෙට දුන්න කියල වැඩිවෙන තෙල් සල්ලියවත් හොයාගන්න බැරි හින්ද
ධීවරයින් ඉල්ලා සිටින්නේ, පොරොන්දු වූ සහනාධාරය වහා ක්‍රියාත්මක කිරිමට අදාල බලධාරින් අවශ්‍ය කටයුතු ඉක්මන් කල යුතු බවය











