මීගමුව නගරාධිපතිවරයාට විරෝධය පා , විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක්, කාරක සභා වර්ජනයක ..

0
172

..

මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී කණ්ඩායම අද දින (07/05/2026) පෙරවරුවේ, නගර සභා රැස්වීම් ශාලාවේ පැවති කාරක සභා අවස්ථාව වර්ජනය කර තිබේ. ඒ අනුව අද දින පැවති මැයි මස මහා සභා රැස්වීමෙන් පසුව ඇරඹි කාරක සභා අවස්ථාවන් වර්ජනය කර නගර සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණි එම මන්ත්‍රී කණ්ඩායම කාරක සභා අවස්ථාව වර්ජනය කිරීමට හේතු වු කරුණු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

IMG 20260507 WA0048
මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මීගමුව නගරාධිපතිවරයා ඇතුළු වර්තමාන මහා නගර සභාව බලයට පත්වුණු දාා පටන් , මීගමුව නගර සභා බල ප්‍රදේශය තුල විශාල කතෝලික ජන ඝනත්වයක් ඇති කැපුම්ගොඩ ප්‍රදේශයේ සාන්ත අන්තෝනි දේවස්ථානය මූලික කරගෙන සමරුනු ලබන වාර්ෂික දේවස්ථාන මංගල්‍යයේදී ඊට සමගාමීව , වීදි සංචාරය සිදුකෙරන ශාන්ත අන්තෝනි වටරවුම් පාර කාලයක පටන් දැඩිසේ අබලන්ව ඇති බැවින් එයා පිළිසකර කර දෙන ලෙස අවස්ථා ගණනාවකදීම නගරාධිපතිවරයාට හා අදාළ බලධාරීන් ඇතුළු සමස්ත නගර සභා පාලනයෙන්ම ඉල්ලීම් සිදු කළ බවයි.

මෙහිදී විශේෂයෙන්ම එම කැපුම්ගොඩ ප්‍රදේශය නියෝජනය කරන දිලිණි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය සඳහන් කළේ මේ පිළිබඳව එම ප්‍රදේශයේ වෙසෙන කතෝලික ජනතාව ,තමන් වෙත අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළ බවයි. විශේෂයෙන්ම එම දේවස්ථාන මංගල්‍යය හා ඊට සමගාමීව පැවැත්වෙන වීදි සංචාරය ,සිදු කරන එම පාර නිසි ආකාරයට පිලිසකර කර දෙන ලෙස එම ජනතාව තමන්ගෙන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව හා වාචිකව ඉල්ලා සිටි බවයි. ඒ අනුව එම ජනතා ඉල්ලීම මීගමුව නගරාධිපතිවරයා ඇතුළු මහා නගර සභාව වෙත අවස්ථා ගණනාවකදීම යොමු කළද මෙතෙක් ඒ සඳහා කිසිදු විසදුමක් ලබා නුදුන් බව ඇය මෙහිදී සඳහන් කළාය.

IMG 20260507 WA0047 IMG 20260507 WA0045 IMG 20260507 WA0046

එළඹෙන ජුනි මස එම දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන බැවින් අද දින (07/07/2026) පැවැති මීගමුව මහා නගර සභාවේ මැයි මසට අදාළව මහා සභා අවස්ථාවෙන් පසු එළඹි කාරක සභා අවස්ථාවේදී , විශේෂයෙන්ම කර්මාන්ත කාරක සභා අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව දැඩිව ඉල්ලීම් කළ බවද දිලිණි ජයකොඩි විපක්ෂ නාගරික මන්ත්‍රීචරිය මෙහිදී පැවසීය.IMG 20260507 WA0044IMG 20260507 WA0043

එහෙත් ඒ අවස්ථාවේදී නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , පසුගිය අයවැය ඡන්දයේදී , එම අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසා කිසිදු ප්‍රතිපාදනයක් විපක්ෂයේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායමට ලබා නොදෙන බවට දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කළ බවද ඇය මෙහිදී අවධාරණය කලේය

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මොහොමඩ් නුස්රි විපක්‍ෂ නාගරික මන්ත්‍රීවරයා පවසන්නේ නගරාධිපතිවරයා යනු එක් පක්‍ෂයක හෝ එක් කණ්ඩායමක නගරාධිපතිවරයෙකු නොව සමස්ත මීගමුව ජනතාවගේම නගරාධිපතිවරයා බවයි. එවැනි තත්ත්වයක් තුළ මීගමුව නගරාධිපතිවරයාගේ ප්‍රකාශය සහ මෙම ක්‍රියාා කලාපය දැඩි ලෙස හෙලා දකින බව ඔහු මෙහිදී සඳහන් කලේය.
මේ සිදුවීම සම්බන්ධ අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මාරි පීරිස් නාගරික මන්ත්‍රවරිය ප්‍රකාශ කරන්නේ දැඩි කතෝලික ජන ඝනත්වයක් වෙසෙන කැපුම්ගොඩ ජනතාවගේ මෙම ඉල්ලීම නගරාධිපතිවරයා විසින් හෑල්ලුවට ලක් කළ බවයි.

නගරාධිපතිවරයාද මෙලෙස සිදුකළ ක්‍රියාව නින්දිත ක්‍රියාවක් බව ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායමේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ප්‍රකාශ කළේ නගරාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය දැඩි සේ හෙලා දකින බවයි. එලෙසම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ නගරාධිපතිවරයාගේ එම ප්‍රකාශය සහ ක්‍රියාකලාපයට විරෝධය පා අට දෙනෙකුගෙන් සමන්විත නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පිරිසක් එම කාරක සභා අවස්ථාව වර්ජනය කර, නගර සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණි බවයි.

එලෙසම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ නගරාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව මීගමුව පුරවරයේ සියලු ජනතාවගේ දැන ගැනීම පිණිස මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා විපක්ෂයේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී කණ්ඩායම් , කණ්ඩායම් නායිකා දිලිණි ජයකොඩි, මොහොමඩ් නුස්රි, මාරි පීරිස්, මොහොමඩ් අෆ්රාස්, පියුමි සුරිඳි, දිස්නා ප්‍රනාන්දු, සහ සඳුනි තාරකා යන නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සහභාගී වූහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here