පිටරටවලට ගුවන් මගින් බඩු පෙට්ටි පාර්සල් යවන සේවාවක නිරතව සිටින expo ceylon ආයතනය සම්බන්ධයෙන් පාරිභෝකියන් රැසක් සිය නොසතුට පළකරන්නට පටන් ගෙන තිබේ.
නියමිත දිනට හෝ අවම වශයෙන් ආසන්න දිනයකදි හෝ යවන ලද බඩු නොලැබෙන තත්වයක් මේ වන විට කිප තැනකින් අසන්නට ලැබුණි.
එපමණක් නොව මේකි ප්‍රමාදයන් සම්බන්ධයෙන් විමසිම් කිරිමේද expo ceylon ආයතනයේ අයව දුරකතනය මගින් සම්බන්ධ කරගැනිමට බොහෝ අවස්ථාවන් වලදි නොහැකිව ඇතැයි යන්න ඊලග බරපතලම චෝදනාවයි.
අදාල බඩු පෙට්ටිය ලංකාවෙන් පිටවුනේද දැන් ඇත්තේ කොහේදැයි දැනගැනිම සඳහා එවනු ලබන ට්‍රැකර් අංක පවා ඇතැම් විට නිවරදි නැත.
උසස් සේවාවක් සිය පාරිභෝගිකයන් වෙත ලබා දිම සඳහා මේ වැරදි කඩිනමින් නිවරදි කරගත යුතුව තිබේ.











