FIFA ලෝක කුසලානයට තව සති 05 යි…

0
17

FIFA ලෝක කුසලානයට තව සති 05 යි…

23 වන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතිහාසයේ මෙ⁣තෙක් පැවති විශාලතම තරගාවලිය ලෙස කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල් තුනකදී පැවැත්වීමට නියමිතයි.

ජුනි මස 11 වනදා ආරම්භ වීමට නියමිත මෙව තරඟාවලිය, දින 39 ක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත අතර රටවල් 48 ක් ශූරතාවය සඳහා තරග වදිනු ඇත.
වසර 32 කට පසු ලෝක කුසලානය තරඟවලියක් නැවතත් උතුරු ඇමරිකාවට පැමිණෙන අතර, රටවල් තුන පුරා ඇති ක්‍රීඩාංගණ 16 කදී තරග 104 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2022 කටාර්හිදී තම සුපිරි නායක ලියොනල් මෙසී යටතේ දිනාගත් කුසලානය රැක ගැනීමට ආර්ජන්ටිනාව මෙවර තරග බිමට පිවිසෙනු ඇතCape Verde, Curacao, ජෝර්දානය සහ උස්බෙකිස්තානය යන රටවල් සිය පලමු පාපන්දු ලෝක කුසලාන අත්දැකීම ලබා ගැනීමට සදහා මෙම තරගාවලියට එක්වීමට සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

තරගාවලිය මෙක්සිකෝවේදී ආරම්භ වී එක්සත් ජනපදයේදී අවසන් වීමට නියමිතය

තරගාවලියේ ආරම්භය ජුනි 11 වනදා මෙක්සිකෝ වෙලාවෙන් සවස 3.00 සිදූවීමට නියමිත අතර එය ශ්‍රීලංකාවේ වෙලාවෙන් පසුදා එනම් ජුනි 12 වනදා අලුයම 2.30 ය. ආරම්භක තරගය පැවැත්වීමට නියමිතව ඇත්⁣තේ Mexico City Stadium, හිදීය.එමෙන්ම තරඟාවලිය අවසන් කරමින් ජුල 19වනදා ඇමරිකාවේ MetLife Stadium හිදී පැවැත්වීමට නියමිතය. තරඟාවලියෙ ආකෘතිය මෙසේය.
Groups

**A** Mexico, South Africa, Korea Republic, Czechia

**B** Canada, Bosnia and Herzegovina, Qatar, Switzerland

**C** Brazil, Morocco, Haiti, Scotland

**D** United States, Paraguay, Australia, Turkiye

**E** Germany, Curacao, Ivory Coast, Ecuador

**F** Netherlands, Japan, Sweden, Tunisia

**G** Belgium, Egypt, Iran, New Zealand

**H** Spain, Cape Verde, Saudi Arabia, Uruguay

**I** France, Senegal, Iraq, Norway

**J** Argentina, Algeria, Austria, Jordan

**K** Portugal, DR Congo, Uzbekistan, Colombia

**L** England, Croatia, Ghana, Panama

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here