දශක දෙකක් පමාවු ආපනශාලා වර්ගීකරණයට දැන් මොකද වෙන්නේ?

0
116

( 2.00 pm ) හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.
එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.
එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.
එහෙත් මේ  හෙට දිනය කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලින්නට වූහ.

කද පමණක් ඩිජිටල් ඔළුව කචල්    පාලකයන්ගේ   පාලනයේ  තිත්ත ඇත්ත වුයේ එයයි.

ටයි පටි පැළදි පමණින් මේ දේශපාලකයන් මහත්තුරුන් නොවන බව දශක දෙකකටත් වැඩි කාලයක සිට මිගමු දේශපාලනය තුල ඔප්පුවි හමාරය.

මිගමුව මහනගර සභාවේ වැඩිම කාලයක් සෞඛ්‍ය කමිටු සභාපතිවරයා වුයේ සෞඛ්‍ය ගැන මෙලෝ මල බෝලයක් දන්නේ නැති දයාන් ලංසාය.

දැන් ලංසා පවුල් හවුල් පාලනයේ සකලකාර කෙළි හමාර වි ඇත.

මිගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වන වානිජ නගරයයි.

ලංකාවේ ප්‍රමුඛ සංචාරක කලාපයක්ද වන මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කරනු ලබන H800 ගෙවන දශක දෙකක් තුලදි පවා ක්‍රියාත්මක කිරිමට මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නොහැකි වුයේ කඳ ඩිජිටල් ඔළුව කචල් පාලකයන් නිසාමය.

දැන් මාලිමා පාලන⁣යේ කාරක සභා වැඩ පටන් ගෙන වසරකට ආසන්න වෙමින් තිබේ.

සෞඛ්‍ය කාරක සභාව විසින් ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස ආපනශාලා වර්ගිකරණය හෙවත් H 800 ආරම්භ කළයුතුව තිබේ.

දැන් රටතුල මතුව ඇති අලුත් තත්වය හමුවේ හෝ ප්‍රමිතිගත ආපනාශාලා  සංස්කෘතියක් බිහිකිරිමේ වගකිම වෙනදාටත් වඩා ඉදිරියට පැමිණ තිබේ.

එහෙත් සැබෑ අභියෝගය නම් වත්මන් සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිට පවා මේ ගැන නිසි අවබෝධයක් නොමැතිවිමය.

විසිල් පමණක්ම මදිය මාලිමාව දැන් බල්ටි ගහන්නටද පටන් ගතයුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here