මිනිසුන්ට කියවීමට පහසුකම් සලසන එක අගයකල යුතු දෙයක්.
ඒත් ඔය ගොඩනැගිල්ලෙ පහල මාලයේ කඩකාමර 2ක් හෝ 3ක් සම්බන්ධ කරල, දෙමසකට කලින් වහල දමපු, බස්නැවතුම්පොල ලඟම තිබුන, පාරිභෝගිකයින් දහස් ගණනකට දිනපතා විශාල සේවයක් ලබාදුන්න, සතොස ආයතනය නැවත විවෘත කරන එක තමයි, අත්‍යවශ්‍යම හදිසියෙන් කලයුතු දෙය වන්නේ.
මෙමගින්, නගරසභාවටත් සෑහෙන මාසික ආදායමක් ලබාගත හැකියි.
මේ රජය බලයට එන්න කලින්, රවි කරුණානායකට දොස් කිව්වෙ, සතොස බංකොළොත් කලා කියල.
දැන් එය නැවත දියුණු කරනව වෙනුවට, සතොස වහන එක නොවෙයි, නව රජයක් පත් කරන්න ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වුනේ.
මේ වෙනකොට, සීදූව, කටුනායක සහ මීගමුව නගර මධ්‍යයේ පිහිටි සතොස ශාඛාවන් වහල දමල ඉවරයි.
ඉතාමත්ම හොඳින් සැබෑ වෙනසක් වෙනුවෙන් සීග්‍රගාමීව කටයුතු කරන ආයතන රාශියක්ද රටතුල අලුතින් ක්‍රියාත්මක වෙමින් පැවතීම ගැනත් සතුටු වෙන අතරම, අත්‍යවශ්‍ය දේ මුලින්ම කලයුතුයි කියන කාරණය, නොදන්න මිනිසුන්ව, සමහර තීරණ ගන්න ආයතන වලට පත්කර යැවීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මීගමුව සහ ඒ අවට වෙසෙන, මහජනතාවගෙන් වැඩිදෙනෙක් අතර තියෙන්නෙ පුදුම කලකිරීමක්.
ඇත්තටම උවමනාවක් තියෙනවනම්, මේව නිවැරදි කරගැනීමට තවමත් කාලය තියෙනව.
මීගමුව පුරවැසියන්ගෙ පොදු අවශ්‍යතාවයක් වන, මේ ගැන, මම, මීට දෙමසකට පමණ කලින්, සතොස භාර අමාත්‍ය මහින්ද සමරසිංහ, මීගමුව පාර්ලිමේන්තු නියෝජිත,සුගත් තිලකරත්න, නගරාධිපති, හීන්කෙන්ද සහ අනෙකුත් තීරණ ගත හැකි අයවලුන් දැනුවත් කරනු ලැබුව.
එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මීගමුව පොදු ජනතාව සමග, මමත් මගබලාගෙන සිටිනව.
මෙය ලියන්න හිතුනෙ, කවුරුන්වත් අපහසුතාවට පත්කරන්න නොවෙයි, බහුතරයක් මිනිසුන් බලාපොරොත්තුවුන, වෙනස ඉටුකරවාගැනීම පිණිසමයි.











