කෝටි 05 කට ආසන්න ” හෂීෂ් ” ගෙන ආ අලෙවි සහයකයා, ගුවන් තොටේදීී අත්අඩංගුවට . ….

0
18

.

ඊයේ දින (10/05/2026) අලුයම, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන්, රුපියල් හාර කෝටි හැත්තෑපන් ලක්ෂ අසූ දාහක් පමන (4,75 80000) වටිනා ” හෂිෂ් ” නැමැති මත්ද්‍රව්‍ය ප්‍රමානයක් මෙරටට රැගෙන පැමිණි අලෙවි සහයකවරයෙකු ලෙස කටයුතු කරන බව කියන පුද්ගලයකු, අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන පරිදි, කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි, 24 වැනි වියේ පසුවන ,මෙම පුද්ගලයා අද දින අලුයම 12.30 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට , තායි ගුවන් සේවයේ ටී.ජී. 307 දරන ගුවන් යානයෙන් , කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපලෙන් පිට කරගෙන යමින් සිටියදී, ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ තිබී චොක්ලට් ලෙස අසුරා සකස් කල ඇසුරුම් 15 ක් තුළ
” හෂීෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි , ග්‍රෑම් 778 ක ප්‍රමාණයක් සඟවා තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් මේ පුද්ගලයාව අද දින (10/05/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට ද නියමිතව තිබිණි.

ඡයාරූප .-.
ටී.කේ.ජී. කපිල
( කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රයේ සිට )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here