මීගමුව නාගරික කොමසාරිස්තුමා 2 වන ශ්‍රේණිය සමත් වෙයි !මීපුර අපේ සුභපැතුම් !

0
37

fireworks-72943_960_720මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා 3 වන ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකු මීගමුව මහනගර සභාවට පැමිණ දැන් පරිපාලන ශ්‍රේණියේ 2 වන ශ්‍රේණියට සමත්ව ඇතැයි වාර්ථා වේ.
ඉන් ඔහු ලබන පරිණත බව මෙන්ම නිපුණතා සියල්ල යහපාලන රජයේ අරමුණු තවදුරත් රාජ්‍ය සේවය තුලට එක්කරගනිමින් මීගමුව නගරය පාලනය කිරිමට ඉඩප්‍රස්ථා සලසා ගනු ඇති බවටද විශ්වාස කරමු.
ඒ ගැන මීපුර වෙබ් අඩවිය විසින් ඒ මහතාට උණුසුම් සුභපැතුම් ගෙන එන අතර පසුගිය සතියේ අප විසින් ඒ මහතා 3 වන ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකු යැයි ලියා තැබු සටහන නිසා ඒ මහතාට කිසියම් සිත්තැවුලක් අපහසුවක් නගරය පාලනය කිරිමට යම් අසිරුතාවයක් වුණි නම් ඒ ගැන අවංකව කණගාටු වන බවද මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු.
මහනගර සභාවක නාගරික කොමසාරිස්ධුරය යනු   1 වන පෙළේ ශ්‍රේණිධාරියෙකු විසින් සිදුකළ යුත්තක් වි තිබුණද මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාට ඒ කඩඉමද නුදුරු අනාගතයේදිම සඵල කරගැනිමට හැකිවේවා යන හෘදයාංගම ප්‍රාර්ථනයද එක්කර සිටින්නට කැමැත්තෙමු.