දිපාවලි අදයි !

0
810

depawali 1ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත.

“ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ නිමිත්තෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවයි.depawali 2.JPG

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීපවාලි සැමරුම් පණිවිඩය මඟින් දක්වා ඇත්තේ මනුෂ්‍යත්වය රජ වී සාමය සමාදානය උදා වී සිය පුද්ගලික අභිමතාර්ථ සපුරාගැනීම පිණිසම නොව අන්‍යන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය යන්න දීපවාලියේ ඉගැන්වීම බවයි.depawali 3.JPGdepawali 4.JPGdepawali 5.JPGdepawali 6.JPG.JPGdepawali 7.JPG.JPG.JPGdepawali 8.JPG.JPG.JPG.JPG

මේ අතර දීපවාලි උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් හෙට මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එදින වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
හින්දු බැතුමතුන් විශාල පිරිසක් සිටින මිගමුවේද සියළුම හින්දු කෝවිල් වලදි අද පෙරවරුවෙ දිපවාලි සමරමින් ආගමික වතාවත් සිදුකර තිබුණි.
ඡායා- එම් . ඉසෙඩ් සහජාන්