මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය සියලු දෙනාගේ මරණ පරීක්ෂණ අවසන්, CID ය අධිකරණයට දන්වයි. …….

0
104

 

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ඇතිවූ එම අවාසනාවන්ත ගැටුමේදී එහි පොදු දේපල වලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කරනු ලැබූ මීගමුව කාන්තා බන්ධනාගාර රැඳවියන් 25 දෙනා හඳුනා ගැනීමේ පෙරටිටුව සඳහා කාන්තා නියමකවරියන්ට සිතසි යොමු කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද දින (29/09/2026) මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කලාය.

එමෙන්ම සැකකාරියන් සහ සාක්ෂිකාරියන් එකම බන්ධනාගාර වල සිටි නම් වාට්ටු හෝ බන්ධනාගාර වෙනස් කර ඔවුන් එකට මුණනොගැසෙන පරිදි රඳවා තබන ලෙසද , ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා ආවරණ සහිතව, ඔවුන් සියලු දෙනාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එතෙක්
එම, සියලු දෙනාවම ලබන ඔක්තෝබර් 06 (06/10/2026) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද දින නියෝග කලාය.

එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉල්ලා සිටියේය.

මීගමුව, බන්ධනාගාරයේදී ඇති වූ එම ගැටුම්කාරී අවස්ථාවේද දී මිය ගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත්, සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී මරණ පරික්ෂණ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළාය.

මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25 ක් කාන්තාවන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීහු සඳහන් කල අතර සැකකරුවන් 96 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කලහ.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව (CID) ඉල්ලා සිටි සියළු නියෝග මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ අතර සැකකරුවන් 106 දෙනාම එළඹෙන ඔක්තෝබර් 06 (06/10/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මෙතෙක් පෙරට්ටුවට ඉදිරිපත් නොකල අනෙක් සැකකරුවන් වට්ස්-ඇප් (whats-app) තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

අපරාධපරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන අංශයේ ( 01 ) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ,උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක , කාන්තා උප පොලිස් පරික්ෂක දිලිනි, පොලිස් කොස්තාපල්වරුන් වනදුලංග, අනිල්, අසේල , රශ්මික, සේරම් සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩි දුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් ක⁣ලහ.

පසුගිය ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම අවසනාවන්ත ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 100 කට අධික පිරිසක් තුවාල ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යන චෝදනාවන් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුකරයට අදාල ඊළඟ නඩු විභාගය එළඹෙන, ඔක්තෝබර් 06 වැනිදා (06/10/2026) යලි කැඳවීමට නියමිතව ඇත.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

ඡායාරූප .-.
රේමන් අපොන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here