spot_img
spot_img
Monday, June 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධිකරණ ඇමතිට එරෙහිවත් විශ්වාසභංගයක්..

Must read

wijedasa-lankatruthඅධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිවත් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙනබව වාර්ථා වේ.

මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊයේ දිනයේදී (අගෝස්තු 10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවවී ඇති අතර එහිදී මේ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් බීබීසී සිංහල සේවයට පවසා ඇත.

පසුගිය කාලයේදී දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කිරීමට තීරණය කලබවයි මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා ඇත්තේ.

එලෙසම ඊයේ දිනයේදී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාෙග්ද දැඩි විවේචනයක් එල්ලවිය.හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් “හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළකර ඇත.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සෙනාරත්න මහතාගේ දැඩි විවේචනයකට ලක්වූයේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳව නඩු සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වරුපයකින් බව පවසමිනි. ඒ අතරම අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේද පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවයි.

මේ අතර, අධිකරණයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කුණු කුඩයට දමා විරුද්ධ පක්ෂ පාර්ශ්වයේ නඩු පමණක් කඩිනම් කරන ලෙසට ඉල්ලීම් කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍යවරයා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇති අතර අධිකරණයට ඇගිලි ගැසීමට තමන්ට නොහැකි බව ද ඔහු සඳහන් කර තිබිණි.

 

http://www.bbc.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article