spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අන්සාර් හෝටලයේ මරණය විසින් දරුපවුලක් අනාථ කරයි. !

Must read

අන්සර්අන්සාර් හෝටලයඊයේ රාත්‍රියේදී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ අන්සාර් හෝටලයේ ඇතිවූ කලහකාරී තත්වය මත මරණයට පත්වූ අසීස් නම් පුද්ගලයා එම හෝටලයේ පාර්සල් කවුන්ටරයේ සේවය කළ අයෙකි. මොහු කැකිරාවේ දුෂ්කර ජීවිතයකට උරුම කම් කියන අයෙකු බවත් , එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමේ අහසුතාවය මත මෙම හෝටලයේ සේවය සඳහා පැමිණි බවත් , හෝටල් හිමිකරුගේ සහෝදරයකු අප සමඟ පැවසීය .

අසීස් ගේ බිරිඳ රැකියාවක් නොකළ අතර දරු පවුල නඩත්තු වූයේ අසීස් කරන මෙම රැකියාව නිසාය. නමුත් ඔහුගේ ජීවිතය නිරපරාදේ අවසන් විය. එම සිදුවීම දුක්බර කතාවක් වන්නේ මෙම දරුවන් සහ බිරිඳ ඉදිරියේදි මුහුණ දෙන ප්‍රශ්ණ සමුදායත් සමඟය. මෙම පවුලේ වැඩිමලා වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකි.

තවත් වයස අවුරුදු 4 ක සහ අවුරුදු 1 1/2 ගැහැනු දරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ එකම ආරක්ෂකයා තම පියා පමණි . ඒ හැරෙන්නට ඔවුන්ට කිසිදු හව්හරණක් නැත . මෙම මරණය ඉතා ශෝක ජනක වන්නේ මෙම කාරණය මුල්කර ගනිමින්ය.
ඒ නිසාම මෙම සිදුවීම මුළුමහත් සමාජය විසින් දැඩිලෙස අවබෝධයට ගත යුතුව ඇත . මෙවැනි සිදුවීම් විසින් දැඩි බලපෑමක් ඇති කරනු ලබන්නේ
මෙම සමාජය තුළ පෑගෙන පංතියේ අසරණයින්ට බව පැහැදිළිය. මේ අනුව ඉන්නට තැනක් හෝ නැතිව අසරණවූ අසීස්ගේ පවුලේ ඉදිරි කටයුතු සඳහා හැකියාවක් ඇති අය යම් මැදිහත් වීමක් කළ යුතුබව ම්න් අප අවධාරණය කර සිටින්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article