spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අප්පුහාමිලාගේ ,මිල්රෝයිලාගේ ආශිර්වාදයෙන් ගොඩකරන ගිංඔය පාලම ලග වඟුරු බිම !

Must read

Image may contain: outdoor and nature

මේ ගොඩ කරන්නේ නයිනමඩම ගිංඔය පාලම අසල රංගම්මුල්ල වගුරු බිමක් මම ලොකු උත්සයක් ගත්තා මේ පරිසර විනාශය ගැන සමාජය හා බළධාරින්ව හා ප්‍රදේශයේ දේශපාලකයන්ගේ ඇස් ඇරවන්න ඒත් මේ සම්බන්ධයෙන් එත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතාගෙන් මේ ගැන විමසිමේදි මෙම ස්ථානය ගිංඔයේ පිටාර ජලය බැසයන ස්ථානයක් නොවන නිසා මෙම ගොඩ කිරිම ප්‍රශ්නයක් නොවන බවත්, හිටපු ජේයෙෂ්ඨ අමාත්‍ය ශ්‍රිලංකා නිදහස් පක්ෂ වෙන්නප්පුව ආසන ප්‍රධාන සංවිධායක මිල්රොයි එස් ප්‍රනාන්දු මහතාගෙන් විමසිමේදි මෙම ස්ථානයේ හෝටලයක් හදන එක හොඳ දෙයක් බව පැවසු අතර ඒකාබද්ධ විපක්ෂයේ වෙන්නප්පුව හිටපු ප්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා මහතාගෙන් විමසිමේදි කිසිදු අදහසක් නොපැවසීය, වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව ප්‍රකාශ කලේ මහජනතාවගේ ලිඛිත විරෝධයක් නැත්නම් තමන්ට අවසර දීමට සිදුවන බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසා සිටියේ තම ආයතනයට මෙම ගොඩ කිරිම් නැවැත්විමට බලය නොමැති බවයි, මෙම ගොඩ කිරිමට අවසර දි ඇති ඉඩම් ගොඩ කිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවල මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා කිසිම තැනක සංවර්ධනය සඳහා ඉඩම් ගොඩ කිරිම ගැන තහනමක් පනවා නොමැති බවයි, ඒත් මේ වර්තමානයේ විනාශ කරන්නේ අනාගත පරපුරේ වටිනා පරිසරයයි ඔබ වගේම මුනිවත රකින බොහෝ දෙනාට අනාගතයේදි අද සිදුවන මේ විනාශය වැලැක්වීමට කිසිදු උත්සහයක් හෝ කිසිදු දිරිගැන්වීමක් නොකිරිම සම්බන්ධයෙන් කණගාටුවට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත,මෙම කරුණු සමාජගතවීම නිසා බොහෝ සේ කිපුණු මෙහි අයිතිකරුවන්ගේ ගෝරනාඩුව අප වෙත එල්ල වුවත් පරිසරයට සමාජයට ආදරය කරන මාධ්‍ය භාවිතයෙන් අපි ඉවත් නොවුනත් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ගිංඔයේ සංවේදි පරිසර කලාපය බිල්ලට ගනිමින් ඉන්න මේ මිනිසුන්ගේ හෘද සාක්ෂියට දවසක පිළිතුරු දීමට ඔවුන්ටම සිදුවනු ඇත
නයිනමඩම -වන්දන ප්‍රනාන්දු

Image may contain: outdoor and nature

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article